සිය මන්ත්‍රී ධුරයෙන් ඉවත්වී අරගලයට එක් වීමට තමන් කැමැත්තෙන් සිටින බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසනවා.
ඒ,රූපවාහිනී සාසාකච්ඡාවකදී අදහස් දක්වමින්.
තමා භාරගත් ප්‍රදේශයේ මිනිස්සුන්ට සේවයක් කිරීමට සිදුවී තිබීම නිසා මදක් ඒ සම්බන්ධව පසුබැස තිබුනද තමාගේ තීරණයේ 60%ක පමණ බර තැබීම ඇත්තේ අරගලයට එක් වීමේ දිශාවට බවයි ඔහු පවසන්නේ.
මෙහිදී තමා සමඟ මනූෂ නානයක්කාර, හර්ෂ ද සිල්වා, රන්ජන් රාමනායක, ඩලස් අලහප්පෙරුම, තාරක බාලසූරිය මෙන්ම ජවිපෙ මන්ත්‍රීවරුන් ද එක්වන්නේ නම් ආ කැමති බවයි ඔහු පවසන්නේ.
පක්ෂය තුල හිඳ අරගලයට එක් වීමට කැමති වුවද ජනතා හඬට සවන් දිය යුතුව ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.