අද දින තමන් සහ මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා ඇමති ධූරයන් හි දිවුරුම් දුන්නේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන බවට එකඟ වූ නිසා බව සංචාරක හා ඉඩම අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් හරීන් ප්‍රනාන්දු පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අද (20) සිය ඇමති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ඇමති ධුරයක් බාර ගැනීමට ගත් තීරණය සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා අද පැවති මාධ්‍ය හමුවක් අමතමින්.
එමෙන්ම, රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා වෙත කරුණු 07ක් ඉදිරිපත් කළ බවත් ඒ අතර පාස්කු ප්‍රහාරය ගැන මෙන්ම රන්ජන් රාමනායක මහතා ගැනද සඳහන් බවත් ඔහු පවසනවා.
මේ අතර ගෝඨාභය රාජපක්ෂව ගෙදර යවන දින වකවානු ගැනද සාකච්ජා කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි හරීන් ප්‍රනාන්දු පවසන්නේ.
”මම එළියේ අරගලයේ ඉන්න මල්ලිලාටත් කියනවා මේ දේශපාලනය ගෝඨාව රකින්නවත් මහින්ද මහත්තයා රකින්නවත් නාමල් රාජපක්ෂ රකින්නවත් නෙවෙයි ආවේ. රටේ ප්‍රශ්නේ බේරගන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයට දුවන්න මේකට කකුලෙන් අදින්නේ නැතුව එළියෙන් ඉඳගෙන අර කට්ටිය කියනවා වගේ එළියෙන් ඉඳගෙන සහයෝගය දෙන්නම් කතා මොන බොරු කතාද.ඒක අවංකද? හිතල බලන්න. මෙච්චර ප්‍රශ්නයක් වෙලා ඉන්නකොට අපි තාම දේශපාලනයනේ කරන්නේ. මම කිව්වේ එළියේ හිටියට කමක් නැහැ. එකෙකෙනෙක් දෙන්නෙක් දෙන්න. අපිට යන්න වුවමනාවක් තිබුණේ නැහැ. මට ඊළඟ ඉලෙක්ෂන් එක ගැන අදාළ නැහැ. මට වැදගත් වෙන්නේ ඉදිරියට ජන්දයක් තියන්න පුළුවන් රටක් මේ රට තුළ නිර්මාණය වෙයිද කියන එක ඉස්සෙල්ලම හිතන්න ඕනේ.”
ගෝඨාභය රාජපක්ෂ මහතා පලවා හැරීමට පාරේ වැඩ කිරීමෙන් පලක් නැති බවත් පාර්ලිමේන්තුවේදීත් එය කළ නොහැකි බවත් හරීන් ප්‍රනාන්දු වැඩිදුරටත් පවසනවා.