27.4 C
Colombo
Wednesday, June 7, 2023

හරීන් CIDයට

- Advertisement -

පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා විසින් 2019 අපේ‍්‍රල් 21 ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සිදුකළ අදහස් දැක්වීමකට අදාලව ප‍්‍රකාශයක් නැවත පටිගත කිරීම සඳහා ඒ මහතාව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට අද (27) කැඳවා තිබුණි.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු හරීන් ප්‍රනාන්දු මහතා සමඟ රහස් පොලිසියට පැමිණියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාව එසේ කැඳවීම විපක්ෂය දඩයම් කිරීමේ තවත් පරිච්ඡේදයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය හමුවේ පැවසීය.

ඔහු රජයෙන් ඉල්ලා සිටින්නේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ව දඩයම් කිරීම පසෙක තබා පාස්කු ප්‍රහාරයට වගකිව යුතු සැබෑ අපරාධකරුවන්ට එරෙහිව නඩු පවරන බවට දුන් පොරොන්දුව ඉටු කරන ලෙසයි.

ජූලි 14 වන දින නීතිපති දෙපාර්තමේන්තුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට කියා සිටියේ සැප්තැම්බර් 01 වනදා දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතාව අත්අඩංගුවට නොගන්නා බවයි.

මන්ත්‍රීවරයා විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පිළිබඳ අයදුම්පතක් එදින ශ්‍රේෂ්ඨාධිකරණයට කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් විසින් මෙම සහතිකය ලබා දෙනු ලැබීය.

2019 අපේ‍්‍රල් 21 ප‍්‍රහාරයට අදාළ සිදුවීම් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා නියෝගයක් ඉල්ලා හරීන් ප‍්‍රනාන්දු මහතා මූලික අයිතිවාසිකම් ඉල්ලුම් පත්‍රයක් ගොනු කර තිබුණි.

RECENT ARTICLES - SINHALA

මහනුවර උසස් විදුහලක සිසු පිරිසක් තවත් සිසුවෙකුට විකට් පොලුවලින් පහර දීලා

මේ දිනවල පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්ණ පත්‍රය ඊයේ (06) පෙරවරුවේ මුහුණ දුන් මහනුවර කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලේ සිසුවෙකුට එම...

සාපෙළ විභාග වංචා තුනක් වාර්තා වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව වංචා සිද්ධීන් තුනක් ඊයේ (06) දින වාර්තා වී තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව...

යකඩ මිල ගණන් සීඝ්‍රයෙන් පහළට

යකඩවල මිල ගණන් 50%කින් පමණ අඩු වී ඇති බව යකඩ ආනයනකරුවෝ පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මේ වසරේ ආරම්භයේ දී...

RECENT ARTICLES - ENGLISH

Essential drug prices to be reduced from 15 June

0
The Cabinet of Ministers approved the proposal raised by the Minister of Health to reduce the maximum retail price of 60 medicines...

Nearly 80 students, mostly girls, are poisoned in Afghanistan

0
Nearly 80 primary school students, mostly girls, are suspected to have been poisoned over the weekend and taken to hospital in Afghanistan’s...

Delays in trials pertaining to child abuse cases studied

0
The Sectoral Oversight Committee on Children, Women and Gender looks into the prevention of delays in trial pertaining to the cases of...