30 C
Colombo
Wednesday, February 19, 2025

“මට ශක්තියක් වූ, උරණ වූ හැමෝටම ස්තූතියි” – හරීන්ට පැය 08 ක හෘද සැත්කමක්

- Advertisement -

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා හෙට (01) පැය 08 ක හෘද සැත්කමකට භාජනය කිරීමට නියමිතයි.

මීට පෙර මෙම වසරේ මැයි මාසයේදී සිදු කළ හෘද සැත්කමෙන් ඇතිවූ සංකූලතා හේතුවෙන් මන්ත්‍රීවරයා සඳුදා (27) රෝහල් ගත කෙරිණි.

හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඔහුගේ තීරණාත්මක සැත්කම කිරීමට පෙර තමන්ට සුභපතන්නන් උදෙසා නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය පහතින්,

හෙට ඔක්තෝබර් පළවෙනිදා.මම තීරණාත්මක පැය අටක සැත්කමකට මුහුණ දෙනවා. පහුගිය මැයි මාසෙ 1වෙනිදාත් මේ වගේම ජීවිතයේ තීරණාත්මක පරීක්ෂණයකට මුහුණ දුන්නා.

මුළු ජීවිතයම අභියෝගයක් වගේම සෑම දවසක්ම තීරණාත්මක දවසක් කියලා මේ කෙටි කාලය තුළදී මට අත්දැකීමෙන්ම තේරුම් ගන්න පුළුවන් වුණා.ඒ තුළින් මම මගේ ජීවිතයට බොහෝ පාඩම් ඉගෙන ගත්තා.

ජීවිතයේ යම් යම් කාරණා සම්බන්ධව මම විවිධ අවස්ථාවල අවදානම් සහගත පරීක්ෂණ වලට මුහුණ දීලා තියෙනවා.අභියෝග සහ අවදානමට මුහුණ දීමට කිසිම වෙලාවක මම පසුබට වෙලා නෑ.

නමුත් සම්පූර්ණයෙන්ම ජීවිතය සම්බන්ධව පරීක්ෂණ වලට මුහුණ දීමට ලැබීම අනෙක් සේරටම වඩා අභියෝගාත්මකයි.අවදානම් සහගතයි.

හෙට මුහුණ දෙන්නෙ ජීවිතය සම්බන්ධ අන්න එහෙම අවදානම් සහගත දෙවෙනි පරීක්ෂණයට.ඒ වෙනුවෙනුත් මම සූදානම්!

එකම අභියෝගය දෙවරක් භාර ගන්න එකත් එක අතකට පුදුමාකාර අත්දැකීමක්.

මම රෝහල්ගත වූ බව දැනගත්ත මොහොතේ ඉඳලා මට සුවය ප්‍රාර්ථනා කළ, ඒ වෙනුවෙන් වෙහෙසුන, අදටත්,මේ මොහොතේත් සොබාදහමේ සහ විවිධ ආගම් වල ආශිර්වාදය පතන, හිතා ගන්න බැරි තරම් විශාල පිරිසකගේ ප්‍රාර්ථනාවන් මට විශාල ශක්තියක්.මා ගැන විමසීම් කළ සියලුදෙනාටම ස්‍තූතියි.

ජීවිතය සම්බන්ධ මහා අරුතක් ඒ සියලු දෙනා එක් කළ බව ආදරයෙන් මතක් කරනවා.
මගේ පවුලේ සියලු දෙනා,මගේ වෛද්‍යවරුන්,මගේ හිත මිතුරන් ,වගේම මාව විවේචනය කළ අය පවා මට හදවතින් කළ ආශිර්වාදය ශක්තියක් වුණා.

අසනීප බවක් නො දැනෙද්දී පවා, තීරණාත්මක අවස්ථාවක් දෙකකදී කල් තියා මට ඒ බවට අනතුරු ඇඟවීම කළේ දෙවියන් හෝ ස්වභාදහමේ කිසියම් බලවේගයක් යයි මට හිතෙනවා.
ඒක තාමත් මට අදහාගන්නට බැහැ.

ඉතින්, හෙටින් පසු තවදුරටත් මිනිසුන්ගේ ජීවිත ආලෝකමත් කිරීම වෙනුවෙන් වෙන් කළයුතු බවට මගේ හෘද සාක්ෂිය මට නියෝග කරනවා.

මට ශක්තිය දුන්නු,මග වටේ අත්වැල් පවුරක් වුණු,ඇතැම් විට මා එක්ක උරණ වූ සියලු දෙනා වෙනුවෙන් පවා කැපවිය යුතුයි කියලා මගේ හෘද සාක්ෂිය මට නියෝග කරනවා.

මම හැමදාම සත්‍ය සහ හදවතට එකගව හරි කියන දේ වෙනුවෙන් පෙනී සිටියා.
ඉතින්, මීටත් වඩා ලෙංගතුව,මීටත් වඩා ශක්තිමත්ව,මීටත් වඩා හෘදයාංගමව අනාගතයේ හමුවෙමු.

ඔබට ජය.!

RECENT ARTICLES - SINHALA

අප්‍රේල් මාසෙන් පස්සේ එන ඩිජිටල් හැඳුනුම්පත

ඩිජිටල් හැඳුනුම්පත එළඹෙන අප්‍රේල් මාසයෙන් පසු නිකුත් කිරීමට කටයුතු කරන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය පවසනවා. නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ, ඒ සඳහා දත්ත...

හරක් කටාට උදවු කළ සැකකරුවන් දෙදෙනෙක් ලංකාවට ගෙන එයි

ශ්‍රී ලංකා පොලිසියේ දැනුවත් කිරීම මත ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කර තිබූ , මෙරට තුළ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක ගුවන්...

Breaking: ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකරු අත්අඩංගුවට

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස හැඳින්වෙන පුද්ගලයාව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පුත්තලම පාලවිය ප්‍රදේශයේ දියි. මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නැමති මෙම...

POPULAR ARTICLES