හිටපු විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයෙකු වූ නියෝමාල් පෙරේරා ඊයේ (02) දිනයේ සිට සමගි ජන බලවේගය වත්තල ආසනයේ ප්‍රධාන සංවිධායක ලෙස පත් කරනු ලැබ තිබෙනවා.
සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සභිකයෙකුද වන ඔහු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පුත්තලම දිස්ත්‍රික්කයෙන් මුල්වරට පාර්ලිමේන්තුවට තේරී පත්විය.
පසුව, එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධූරයට පත්විය. පසුගිය මැතිවරණයේ දී ඒ මහතා සමගි ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන ලදි.
මීට පෙර සජබ වත්තල ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා වශයෙන් කටයුතු කළේ මේ වනවිට ආණ්ඩුවට එක්ව සිටින හරීන් ප්‍රනාන්දුය.