27.7 C
Colombo
Thursday, April 25, 2024

හර්ෂ ඇවිත් මේක භාරගන්න..! – අලි සබ්‍රිගෙන් ආරාධනාවක්

- Advertisement -

වත්මන් අර්බුදයට කිසියම් ප්‍රමාණයකින් දායක වීම සම්බන්ධයෙන් තමා ජනතාවගෙන් සමාව අයැදින බව හිටපු අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසනවා.

ඒ, ඊයේ (07) දින පාර්ලිමේන්තුව අමතමින්.

විරෝධතා පවත්වන ජනතාවගේ ආවේග තමන් හඳුනන බවත් එම ගැටළු වලට විසඳුම් සෙවිය යුතුව ඇති බවත් ඔහු පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මීට වසරකට පෙර යා යුතුව තිබූ බව තමා දිගින් දිගටම පැවසූ බවත් රුපියල පා කිරීම ක්‍රමවත්ව සිදුකළ යුතු බවට තමා විශ්වාස කරන බවත් ඔහු පවසනවා.

“ණය ප්‍රතිව්‍යුහ ගත කරන්න ඕන කියන එක මම කිව්වා. මුදල් ඇමති දෙන කෙනෙක් වෙන්න ඕන. ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද එයි. හෙට වැඩ භාර ගන්නවා. මේ ගැටලුවට අයි.එම්.එෆ්. එක සමග සාකච්ඡා කරලා විසඳුමක් හොයන්න ඕන.

දැන් අපේ හර්ෂ මතිතුමාට අපි ආරාධනා කරනවා ඇවිත් මේක භාරගන්න කියලා. අපි දෙන්නම් ඔබතුමාට ඔබ කරන්න. අපි උදව් කරන්නම්. ඔබ කියනවා නම්. අපි ඒකයි ඒ ආරාධනාව දුන්නේ” යැයි ඔහු පවසනවා.


RECENT ARTICLES - SINHALA

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...