ජාතික ජනබලවේගයේ ආර්ථික කමිටුව සමඟ සසඳා බැලීමේදී සමගි ජනබලවේගය නියෝජනය කරන ආර්ථික කමිටුවේ සාමාජිකයින් ජාත්‍යන්තරය පාවා පිළිගන්නා වියතුන් සහ වෘත්තිකයින් බව එම පක්ෂයේ ප්‍රධාන විධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසනවා.
අජිත් පී. පෙරේරා මහතා පෙන්වා දෙන්නේ තම පක්ෂයෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, කබීර් හෂීම් සමගි ජනබලවේගය පක්ෂයේ ආර්ථික කමිටුව නියෝජනය කරන බවයි.
මෑතකදී සමගි ජනබලවේගය සමඟ එක්වූ ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙතෙක් එම පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන නොමැති බවද ඔහු මෙහිදී සඳහන් කර තිබෙනවා.
අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර ඇති අතර එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ සමගි ජනබලවේග ආණ්ඩුවක් යටතේ මුදල් අමාත්‍ය ධුරයට පත් කෙරෙන්නේ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා බවයි.
සමගි ජනබලවේගය සමඟ විවාද කිරීමට පැමිණෙන බව පවසන ජාතික ජනබලවේගය පක්ෂයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා ඇතුළු පිරිසට මෙතෙක් ආර්ථිකය සම්බන්ධ පොදු ප්‍රතිපත්තියක් නොමැති බවද අජිත් පී. පෙරේරා මහතා මෙහිදී සඳහන් කර තිබෙනවා.