28.2 C
Colombo
Saturday, April 20, 2024

අස්වැන්න අඩු උනාට ඩොලර් ඉතුරුයි..! – ඇමති SM

- Advertisement -

කාබනික පොහොර භාවිතය ගේතුවෙන් අස්වැන්න පොදුවේ 25-30%ක් පමණ අඩු වූ නමුත් පොහොර ආනයනය සඳහා වැයවන විශාල ඩොලර් ප්‍රමාණයක් ඉතිරි වීම හේතුවෙන් සැලකිය යුතු පාඩුවක් සිදු වී නැතැයි සිතිය හැකි බව ඉඩම් අමාත්‍යය එස්.එම් චන්ද්‍රසේන මහතා පවසනවා.

ඒ, අනුරාධපුර මහඉලුප්පල්ලම ප්‍රදේශයේදී “රන් බිමට පණ දෙන ඉඩම් ප්‍රථිසංස්කරණ කොමිෂන් සභාවේ උතුරු මැද පළාත් කාබනික පොහොර ව්‍යාපෘතිය ” දෙවන අදියර සමාරම්භක අවස්ථාවට ඒක් වෙමින්.

එහිදී උත්සව සභාව ඇමතූ අමාත්‍යය එස්.එම් චන්ද්‍රසේන මහතා,

“අතිගරු ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ ඉදිරි දැක්ම වැඩසටහන යටතේ කාබනික පොහොර වැඩසටහන පටන් ගන්න කොට අපි ඉතාම දුෂ්කරතා මධ්‍යයේ පටන් ගත්තේ, කාබනික පොහොර සහ රසායනික පොහොර හුවමාරුවේදී ගොවි ජනතාව විශාල වශයෙන් කලබල වුණා.

ඒ වගේම යම්කිසි පිරිසක් මේ වැඩසටහන නවත්වන්න නොයෙකුත් උපක්‍රම යෙදුවා.අපි දන්නවා මේක අමාරු වැඩක්, අවුරුදු 60 කට වැඩි කාලයක් රසායනික පොහොර වලට හුරු වෙලා හිටිය ගොවි ජනතාව කාබනික පොහොර භාවිතයට යොමු කිරීම තුළ යම් යම් ප්‍රශ්න පැන නගිනවා කියලා අපි දන්නවා. ජනාධිපතිතුමන් බොහෝම සද්භාවයෙන් පටන් ගත්තේ මේ වැඩසටහන. වකුගඩු රෝගීන්, පිළිකා රෝගීන් හා හඳුනා නොගත් රෝගවලට ලක් වූවන් විශාල ප්‍රමාණයක් වැඩි වන නිසා වෛද්‍යවරුන් හා පරිසරවේදීන් ඇතුළු මේ රටේ විද්වතුන් මේ සඳහා ජනාධිපතිතුමන් උනන්දු කෙරෙව්වා.

නමුත් අපි කියන්න කණගාටුයි මේ වැඩසටහනට ප්‍රමුඛතාවය දුන්න, උනන්දු කරවූ අය මේ වැඩසටහනින් මඟඇරියා.නමුත් මේ රජරට ගොවි ජනතාවගේ යහපත සඳහා උඩුගම් බලා යනවා වගේ මම මේ සටනට මැදිහත් වුණා.

අපේ ගොවි ජනතාවට රසායනික පොහොර වල අවශ්‍යතාවය වගේම කාබනික පොහොර වැඩසටහන පිළිබඳවත් උනන්දුවක් දක්වනවා. ඒ නිසා, ජනාධිපතිතුමන් තීරණයක් ගත්තේ අත්‍යවශ්‍යය දේ වලට රසායනික පොහොර ලබා දෙන්න.තේ, පොල්,රබර් හා බඩ ඉරිඟු වලට රසායනික පොහොර අත්‍යවශ්‍යයි. ඒ සඳහා ඒ අවසරය ලබා දී තිබෙනවා.කාබනික පොහොර හා රසායනික පොහොර අවශ්‍යය භෝග වලට ඒ සඳහා යම්කිසි ප්‍රමාණයක් පාවිච්චි කරන්නත් අවස්ථාව ලැබිලා තියෙනවා.

මේ මාස් කන්නය ගත්තම කාබනික පොහොර හා රසායනික පොහොර හුවමාරුවේදී ගොවි ජනතාවගේ අස්වැන්න සියයට 25 ක්,සියයට 30 ක් පොදුවේ ගත්තම අඩු වෙලා තියෙනවා.නමුත් විදේශ වලින් රසායනික පොහොර ගෙනාවා නම් අපිට විශාල ඩොලර් ප්‍රමාණයක් ඒ සඳහා වැය වෙනවා. මේ ඩොලර් හිඟයක් තියෙන වෙලාවේදී, ඒ අස්වැන්න අඩු වීම හා ඩොලර් පාවිච්චිය අතර බැලුවම ලොකු පාඩුවක් නැති වෙලා තියෙනවා.මේ වැඩපිළිවෙලේදී ගොවි ජනතාවට යම් පාඩුවක්, අස්වැන්නේ අඩුවක් සිදු වෙලා තියෙනවා නම් ඒක පිරිමහන්න වී මිල ජනාධිපතිතුමා වැඩි කරලා තියෙනවා.

ජනාධිපතිතුමා අවුරුදු 02 කට කලින් බලයට එන කොට වී කිලෝ එකක් තිබුණේ රුපියල් 32 කට, රුපියල් 32 කට තිබ්බ වී එතුමා 52 ක් කළා.වැඩි මිලක් ගොවි ජනතාවට ලබා දුන්නා. මේ වන කොට යම්කිසි පාඩුවක් වුණා නම් ඒක පිරිමහන්න පුලුවන් විදිහට වී මිල දැන් වැඩි කරලා තියෙනවා. නාඩු කිලෝවක් රුපියල් 92 කටත්, සම්බා කිලෝවක් 95 කටත්, කීරී සම්බා 97 යි කියලා රජය සහතික මිලක් ලබා දීලා තියෙනවා. අද සහතික මිලටත් එහා ගිහින් රුපියල් 100 ට -105 ට වී කිලෝවක් ගන්න පුද්ගලික අංශය යොමු වෙලා තියෙනවා.

කවුරු පෙලපාලී ගියත්, කෑ ගැහුවත්, ගොවිජනතාවට සහනයක් ලබා දෙන්න අපි කටයුතු කරලා තියෙනවා.ඒ වගේම සෑම හෙක්ටයාරයකටම රුපියල් 50,000 කට යටත්ව වන්දි මුදලක් ලබා දෙන්නත් මිලියන 40,000 ක වගේ විශාල මුදලක් කැබිනට් මණ්ඩලය අනුමත කරලා තියෙනවා. රසායනික පොහොර භාවිතයේ උච්චම අවස්ථාවට අපේ රට පත් වුණා.පොහොර භාවිතය වැඩි වුණා.පොළවේ නිසරු ගතිය නැති වුණා, අපිට හිතකර කෘමීන් නැති වුණා. ගැඩවිල, කක්කුට්ටා වගේ සතුන් නැති වුණා.ජෛව පද්ධතියට මේක විශාල හානියක් වුණා. නමුත් යම් යම් ප්‍රමාණයකට මේකට ගොවි ජනතාව අවතීරණ වීම ලොකු ජයග්‍රහණයක්.”

මෙම අවස්ථාවට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති හිටපු විධායක අධ්‍යක්ෂ දිසානායක මහතා, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් පද්මසිරි ලියනගේ මහතා, නේචර් සීක්‍රට් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ සමුදිත කුමාරසිංහ මහතාද සහභාගී විය.

RECENT ARTICLES - SINHALA

අපේක්ෂකයා නැතත් පොහොට්ටුව තියනවා-නාමල් (වීඩියෝ)

ඉදිරි ජනාධිපතවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ අපේක්ෂකයා...

අයිස් සමග නාවික හමුදා ලොක්කෝ දෙදෙනෙකුත් මාට්ටු

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සන්තකයේ...

ඉස්සන් කර්මාන්තය දැඩි අර්බුදයක

ඉස්සන් කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ගැටලු රැසක් පැනනැගී ඇති බව ඉස්සෝ වගාකරුවන් පවසනවා. ඔවුන් සඳහන් කරන්නේ මෙම අසීරු තත්ත්වය මත තම කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...