27.7 C
Colombo
Thursday, April 25, 2024

ගිනිගත් නෞකාවෙන් පරිසර හානියක් සිදුවෙලාද? – විශේෂ පරීක්ෂණයක්

- Advertisement -

කොළඹ වරාය ආසන්නයේ ගිනි ගැනීමට ලක්වූ රසායන ද්‍රව්‍ය ප්‍රවාහන එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ පරිසර හානියට, මුහුදේ ජල සාම්පල ලබා ගෙන ඒවා පරීක්ෂා කර ඉදිරි නීතිමය පියවර ගන්නා බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.

එහි සභාපති නීතිඥ දර්ශනී දහදපුර මහත්මිය පවසන්නේ, ඒ සඳහා නිලධාරි කණ්ඩායමක් අදාළ ප්‍රදේශය වෙත පිටත්කර හැරීමට පියවර ගන්නා බවය.

සිංගප්පූරුවේ ලියාපදිංචි “එක්ස්ප්‍රස් පර්ල්” නම් රසායනික ද්‍රව්‍ය ඇතුළු ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ අදාළ නෞකාව කොළඹ වරායට නාවික සැතැපුම් 10ක් පමණ දුරින් වු මුහුදු ප්‍රදේශයේ නැංගුරම් ලා තිබියදී එහි හදිසි ගින්නක් හටගෙන තිබුණි.

ශ්‍රී ලංකා නාවික හමුදාව, ගුවන් හමුදාව සහ වරාය අධිකාරිය එක්ව ගින්න මේ වන විට පාලනය කර ඇති අතර එහි ගබඩා කර ඇති රසායනික ද්‍රව්‍ය හේතුවෙන් අවදානම මෙතෙක් පහව ගොස් නොමැති බව වාර්තා වේ.

නයිට්‍රික් ඇසිඩ් ටොන් 25ක් සහ වෙනත් රසායනික ද්‍රව්‍ය හා රූපලාවන්‍ය ආලේපන ද්‍රව්‍ය සහිත බාහාලුම් 1486ක් සහිත අදාළ නෞකාවේ කාර්ය මණ්ඩල 25 දෙනෙකුගෙන් සමන්විත වන බව නාවික හමුදාව සඳහන් වේ.

නාවික හමුදාවේ හා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ විශේෂඥයින්ගෙන් සමන්විත කණ්ඩායමක් ඊයේ පස්වරුවේ නෞකාවට ඇතුළු වී එහි තත්ත්වය පරීක්ෂා කර ඇති අතර නෞකාවේ තිබූ රසායනික ද්‍රව්‍ය කාන්දුවීමෙන් ගින්න හටගෙන ඇති බවට සැක කරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසන ලදි.

සබැඳි පුවත්..

RECENT ARTICLES - SINHALA

රෝග සුව කරන මධ්‍යස්ථානයකට ගිය කාන්තාවක් හදිසියේ මිය ගිහින්

මදුරන්කුලිය පොලිස් වසමේ දේවස්ථානයක පැවති දේවමෙහෙයක් අතරතුර ඇති වූ හදිසි රෝගී තත්ත්වයකින් කාන්තාවක් ඊයේ (24) මියගොස් තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අදාළ කාන්තාව පුත්තලම රෝහල වෙත...

නිල සංචාරය නිම කරමින් ඉරාන ජනපති දිවයිනෙන් පිටව යයි

ඉරාන ජනාධිපති ආචාර්ය ඉබ්‍රාහිම් රයිසි මහතා සිය නිල සංචාරය නිම කරමින් ඔහු පැමිණි විශේෂ ගුවන් යානයෙන් ඊයේ(24) රාත්‍රියේ දිවයිනෙන් පිටව ගොස් තිබෙනවා. ඊයේ රාත්‍රියේ ශ්‍රි...

ශ්‍රී පාද උඩමළුවෙන් පහළට පැන්න තරුණයා හමුවෙලා

කාන්තාවන් දෙදෙනෙකු සමග වන්දනාවේ පැමිණ ශ්‍රී පාද උඩ මළුවෙන් පහළට පැන අතුරුදන් වූ දිනේෂ් හේමන්ත නමැති වයස අවුරුදු 33 ක සූරියවැව ප්‍රදේශයේ පදිංචි තරුණයා...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...