ආගමන විගමන පාලකවරයාට අද (13) දින පෞද්ගලිකව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.
ඒ විද්‍යුත් වීසා ක්‍රමවේදය යටතේ විසා නිකුත් කිරිමට රජය ගෙන තිබු තීරණය බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය අගෝස්තු 02වැනිදා නිකුත් කළ අතුරු තහනම් නියෝගය නිසා උද්ගතව තිබෙන ප්‍රායෝගික ගැටලු හේතුවෙන් ක්‍රියාත්මක කිරිමට අපහසු බව ආගමන විගමන පාලකවරයා නිතිපතිවරයා මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන් පසුවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්දිරන්, රවුෆ් හකිම් සහ පාඨලී චම්පික රණවක යන පාර්ශව විසින් ගොනු කර තිබු පෙත්සම් කිහිපයක් අද නැවත සලකා බැලු අවස්ථාවේදි විනිසුරු මඩුල්ල මෙලෙස නියෝගය කළා.
ඉකුත් අගෝස්තු 02දා එතෙක් පැවති නව විසා ක්‍රමවේදය වාරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙර පැවති ක්‍රමවේදය යටතේ විසා නිකුත් කිරිමේ කටයුතු සිදුකරන ලෙස අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.
පෙත්සම කැඳවු අවස්ථාවේ ආගමන විගමන පාලකවරයා වෙනුවෙන් පෙනි සිටි නිතිපතිවරයා කළ කරුණු දැක්විම සලකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රිති පද්මන් සුරසේන මහතා ප්‍රමුඛ පංචපුද්ගල විනිසුරු මඩුල්ල අද දිනය ඇතුලත ආගමන විගමන පාලකවරයාට පෞද්ගලිකව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනිසිටින ලෙස නියෝග කර සිටියා.
මෙය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තිරණය උල්ලංඝණය කිරිමක් බව සභාපති විනිසුරු ප්‍රිති පද්මන් සුරසේන මහතා විසින් පැවසුවා.
පෙත්සම්කාර සුමන්තිරන් මහතා එහිදි පැවසුවේ අධිකරණ නියෝගය ක්‍රියාත්මක කිරිමට නොහැකි බවට ආගමන විගමන පාලකවරයාගේ දැනුම් දිම අධිකරණයට සිදු කළ අපහාසයක් බවයි.