24 C
Colombo
Sunday, January 19, 2025

හැටන් අනතුරේ බස් රියදුරා රිමාන්ඩ්

- Advertisement -

හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ ඊයේ (21) සිදු වූ පෞද්ගලික බස් රථ අනතුරෙන් තුවාල ලබා දික්ඔය මූලික රෝහලේ පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ප්‍රතිකාර ලබමින් සිටි එම බස් රථයේ රියදුරු මේ මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කළා.

හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහෙස්ත්‍රාත් එස්. රාම්මුර්ති මහතා විසින් අද (22) මෙම නියෝග නිකුත් කර තිබෙනවා.

රෝහල වෙත පැමිණි වැඩබලන මහෙස්ත්‍රාත්වරයා, වෛද්‍යවරුන්ගෙන් සැකකාර රියදුරුගේ තත්ත්වය පිළිබද කරුණු විමසා මෙම නියෝගය ලබාදී තිබුණා.

ඒ අනුව සැකකාර රියදුරා බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ රෝහල තුළම මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ඊයේ (21) උදෑසන හැටන් සිට මහනුවර බලා ධාවනය වූ මෙම බස් රථය මල්ලිඅප්පුව ප්‍රදේශයේදී අනතුරට ලක්වුණා.

වංගු සහිත මෙම මාර්ගයේ රියදුරුට බස් රථය පාලනය කරගැනීමට නොහැකිවී එය මාර්ගයෙන් ඉවතට ගොස් අඩි 20ක පමණ කොන්ක්‍රීට් බැම්මකින් පහළට වැටි තිබුණා.

එම අනතුරින් රියැදුරු සහ සහයක ඇතුළු 53 දෙනෙකු තුවාල ලැබූ අතර, ඉන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

එලෙස මියගොස් තිබුණේ හැටන් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු  14ක පාසල් ශිෂ්‍යයෙක්, 68 හැවිරිදි මහනුවර පදිංචිකරුවෙක් සහ කාන්තාවක්.

RECENT ARTICLES - SINHALA

අනුරපුර පොලොන්නරු යන අයට විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණය හේතුවෙන් පොලොන්නරුව සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක මාර්ග අද (19) ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය අවහිර වී ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. ඒ අනුව...

කෙඳිරි ගෑවොත් දීපු හැටත් අයින් කරනවා – අනුර

ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති ජන හමුවකට...

මහින්ද කොළඹ ගෙදරින් දොට්ට වැටෙන ලකුණු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටින නිවස රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව ඔස්සේ තක්සේරු කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා පවසා සිටියේ එම නිවසෙහි තක්සේරුව...

POPULAR ARTICLES