හැටන් ප්රදේශයේ රාජ්ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (30) දින හදිසි පරික්ෂාවට ලක් කෙරුණා.
උදැසන පාසල් ළමුන් ප්රවාහනය කිරිමෙන් අනතුරුව එම බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසිය ඉදිරිපිටට රැගෙන විත් එම වාහන වල තිබෙන සියළුම අඩුපාඩුකම් රියදුරන් වෙත පෙන්වා දි එම අඩුපාඩුකම් සපුරා ගැනිමට දින 14 ක කාලයක් ලබාදිමට පියවර ගැණුන.
ප්රධාන පොලිස් මුලස්ථාන පරික්ෂකවරයා සඳහන් කළේ, එම කාලය අතුරතුර හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් විසින් පෙන්වා දුන් අඩුපාඩුකම් සපුරා නොගන්නා බස් රථ සහ වෑන් රථ නුවරඑලිය දිස්ත්රික් මොටර් රථ පරික්ෂකවරයාගේ පරික්ෂාවට යොමු කර එම වාහන ධාවනයෙන් ඉවත් කිරිමට හෝ එම වාහන වල හිමිකරුවන්ට එරෙහිව අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට කටයුතු කරන බවයි.