මේ වන විට ඩොලර් අනුපාතය ඉහළ යාම හේතුවෙන් වාහන මිල ඉහළ මට්ටමක පවතිනු ඇති නමුත් යම් කාලයක් ගත වීමත් සමඟ මේ වන විට වාහන ආනයනයට පනවා ඇති බදු අඩු කිරීමට රජය අදහස් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
අද (01) පැවති උත්සවයකදී අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළා.
ඒ, පෙබරවාරි 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි සියලු වර්ගවල වාහන ආනයනය සඳහා වන සීමාවන් ඉවත් කිරීමට රජය ගත් තීරණය පිළිබඳව අදහස් දක්වමින්.
ජනාධිපතිවරයා සඳහන් කළේ විදේශ සංචිත කෙරෙහි එහි බලපෑම පිළිබඳව සැලකිලිමත් වීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින් ප්‍රවේශමෙන් මෙම තීරණය ගත් බවයි.
“පුද්ගලික පරිහරණයට වාහන ආනයනය කිරීමට අද සිට අවසර දුන්නා. හැබැයි මෙය අසීරු, ප්‍රවේසම්සහගතව කළ යුතු කාර්යයක් මොකද වාහන ආනයනය කිරීමට අපේක්ෂා කරන්න සියලුමදෙනාම පෙබරවාරි මාසයේම ආනයනය කළොත් ඩොලර් ඉල්ලුම වැඩිවෙනවා. ඒ නිසා අපි ප්‍රවේසම්සහගතව වාහන නිදහස් කරන්නේ. ඩොලරයේ අගය ඉහළ ගිය නිසා වාහන මිල වැඩියි. අමතරව බදු කිහිපයක් පනවා තිබෙනවා ඇයි ඒ එකවර ඉල්ලුම වැඩිවුණොත් අර්බුදයක් නිර්මාණය වෙනවා. ආරම්භයේදී මිල ඉහළ යයි – කලක් ගිය පසු මිල අඩුකිරීමේ අපෙක්ෂාවකුත් තියෙනවා. ඒවා තමයි ආර්ථියේ අපි ඇතිකරන විශාල වෙනස්කම්.”