25 C
Colombo
Thursday, January 16, 2025

තෙරපිවරයෙක් විදියට ඇවිත් දොස්තරට සුද්දයක් දීලා

- Advertisement -

පෞද්ගලික රෝහලක වෛද්‍යවරයකු අන්තර්ජාලයෙන් සිදු කළ ඇනයුමක් අනුව නාරහේන්පිට මළලසේකර මාවතේ නිවසකට තෙරපීවරයකු වේශයෙන් පැමිණි පුද්ගලයකු වෛද්‍යවරයා මත්කර දියමන්ති ආභරණ ඇතුළු රුපියල් මිලියන 20 කට අධික දේපළ තොගයක් සොරාගෙන ගොස් ඇතැයි නාරහේන්පිට පොලිසිය පවසනවා.

සොරාගෙන ගිය දේපළ අතර දියමන්ති මාලයක්, දියමන්ති කරාබු යුගලක්, විදේශීය මත්පැන් බෝතල් කීපයක් මෙන්ම පවුම් 10 කට ආසන්න රන් භාණ්ඩ ද ඇතුළු දේපල රැසක් වන බවයි පැවසෙන්නේ.

පොලිසිය පවසන්නේ දෙමහල් නිවසේ 31 හැවිරිදි වෛද්‍යවරයා සහ ඔහුගේ සමීප මිතුරකු වන 38 හැවිරිදි රූපලාවණ්‍ය ශිල්පීයකු පදිංචිව සිට තිබෙන අතර මිතුරා නුවරඑළිය ප්‍රදේශයේ මංගල සාදයකට සහභාගි වීම සඳහා එම නිවසින් පිටවී තිබු බවයි.

එදින වෛද්‍යවරයා පමණක් නිවසේ සිට ඇති අතර ඔහු ඉරිදා (22) අන්තර්ජාලය ඔස්සේ ශරීරය සම්භානය කර ගැනීම සඳහා තෙරපිවරයකු ඇනවුම් කර ඇති අතර එම පුද්ගලයා පැමිණ එම කටයුතු සිදුකර මඳ වේලාවකදී ඖෂධ කරලක් පානය සඳහා වෛද්‍යවරයා වෙත ලබා දී තිබෙනවා.

අනතුරුව මුදල් ලබාගෙන පිට වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණයවී තිබුණා.

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES