27 C
Colombo
Saturday, March 22, 2025

බූස්ස බන්ධනාගාරයේ සහකාර අධිකාරීට තර්ජනය කරලා

- Advertisement -

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරිවරයා එහි සේවය කරන අතරතුරදි ඔහුගේ කටුනායක නිවසට පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු තර්ජනය කළ බවට පැවසෙන සිදුවිමක් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් කර තිබෙන බව බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බි.දිසානායක මහතා පවසනවා.

පුද්ගලයන් දෙදෙනෙක් ඊයේ (11) පස්වරු 5.00 ට පමණ යතුරු පැදියකින් පැමිණ නිවසේ රැදි සිටි අධිකාරිවරයාගේ පියාට ඩුබායි රටේ සිටින හීනටියන සංඛ නැමැත්තාගෙන් යැයි පවසා දුරකථන ඇමතුමක් සම්බන්ධ කර දී තිබෙනවා.

දිසානායක මහතා පවසා සිටියේ සහකාර අධිකාරිවරයා බූස්ස බන්ධනාගාරයේ කරන සෝදිසි කටයුතු නවතා දමන ලෙසට එම පුද්ගලයා විසින් තර්ජනය කර ඇති බවයි.

බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ තිබී දුරකථන කිහිපයක් පසුගියදා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් බන්ධනාගාරයේ රදවා සිටින පාතාල කල්ලි සාමාජිකයකුද අධිකාරිවරයාගෙන් විමසීම් කර ඇති බවත් මෙම සිද්ධිය පිළිබදව පොලිසියට පැමිණිලි කර විමර්ෂණ කටයුතු ක්‍රියාත්මක බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

දේශබන්දු තෙන්නකෝන්ට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, පොලිස්පතිවරයා මේ වනවිට පල්ලෙකැලේ, දුම්බර බන්ධනාගාරයේ...

ගණේමුල්ල සංජීව ඝාතනයට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට සහාය වූ බවට සැකපිට ඊයේ (21) තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ,  කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්...

දෙවුන්දර වෙඩිතැබීමකින් දෙදෙනෙකු මරුට

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ සිදුකළ වෙඩිතැබීමකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (21) රාත්‍රී 11.45ට පමණ මෙම වෙඩි තැබීම සිදු...

POPULAR ARTICLES