24 C
Colombo
Wednesday, January 22, 2025

සෞඛ්‍ය සේවාවේ ඉස්සරහට වැඩ වෙන්නේ දේශපාලකයන්ගේ කැමැත්තට පිටින් – නලින්ද

- Advertisement -

මෙරට සෞඛ්‍ය සේවාවේ ඉදිරි සියලු කටයුතු දේශපාලන අධිකාරියේ කැමැත්තට නොව අමාත්‍යාංශයේ ස්ථීරසාර සැලසුමකට අනුව සිදු විය යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ පැවති විශේෂ සමුළුවට එක්වෙමින්.

සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක පරිවර්තනයකට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ඉහළ නැංවීම සඳහා සම්පූර්ණ බලය යෙදවිය යුතු බවත් ඔහු මෙහිදී සඳහන් කළා.

අමාත්‍යවරයා පවසාන්නේ, පළාත් සභා සහ මධ්‍යම ආණ්ඩුව මට්ටමෙන් ක්‍රියාත්මක සියලු ව්‍යාපෘති ඒකාබද්ධව මෙහෙය විය හැකි ව්‍යාපෘති කළමනාකරණ ඒකකයක් ස්ථාපිත කිරිමට අවධානය යොමු කරන බවයි.

එමෙන්ම ඖෂධ සම්බන්ධ ප්‍රධාන ආයතන 04ක් ජනතාවට ගුණාත්මක සහ තත්ත්වයෙන් උසස් ඖෂධ අඛණ්ඩව සැපයීම පිළිබඳ ව වගකීම භාරගත යුතු බවත් දැනට ක්‍රියාත්මක රෝහල් කමිටු විසුරුවා හැර නව රෝහල් කමිටු පත් කිරීමට පියවර ගත යුතු බවත් ඔහු එහිදී කියා සිටියා.

පහසුකම් සහිත නවීකරණය කරන ලද විද්‍යාගාරයක් ඉදිරි වසර 05 තුළ ඉදි කිරීමට රජය සැලසුම් කර තිබෙන බවත් නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් පැවසුවා.

RECENT ARTICLES - SINHALA

Breaking: අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා. මීට අමතරව ඒ මහතාගේ බිරිඳ...

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම...

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා. ඒ 2025 අයවැය...

POPULAR ARTICLES