24 C
Colombo
Thursday, February 13, 2025

පළාත් පාලන ඡන්ද විමසීමේ පනතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ

- Advertisement -

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පළාත් පාලන ඡන්ද විමසීම පිලිබඳ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම් අද (24) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ආරම්භ වුණා.

යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වුණා.

අද දින පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම් අවසන් කෙරුණු අතර වැඩිදුර විභාගය ලබන සඳුදා දක්වා කල් තැබුණා.

එදින පෙත්සම් සම්බන්ධයෙන් නීතිපතිවරයා කරුණු දැක්වීමටද නියමිතයි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් ජනාධිපති නීතිඥ නිසාම් කාරියප්පර් මහතා ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කළා.

පෙත්සම්කරුවන් සඳහන් කර සිටින්නේ කල්දමා තිබෙන පලාත් පාලන ඡන්ද විමසීම සඳහා බාරදුන් නාමයෝජනා පත්‍ර අවලංගු කොට අලුතින් නාමයෝජනා භාර ගැනීමේ අරමුණින් මෙම පනත් කෙටුම්පත රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි.

මෙම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ඒවා සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ජනපතිගෙන් ලෝක නායකයින්ට ආරාධනයක්

දේශසීමා ඉක්මවා යන අභියෝගයන්ට මුහුණදීමට ගෝලීය පුරවැසියන් ලෙස එකට එක්විය යුතු බව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවති 2025 ලෝක රාජ්‍ය සමුළු අමතමින් පවසා සිටියා...

ජනපති දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීමට එහි ගොස් සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.

විදුලි කප්පාදුව ගැන දැනුම්දීමක්

දිවයින පුරා පැයක විදුලිය කප්පාදුවකට පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව අද (13) සවස 5.00 සිට රාත්‍රී 9.30 අතර පැයක විදුලි කප්පාදුවක්...

POPULAR ARTICLES