24 C
Colombo
Tuesday, March 21, 2023

වර්ෂාවෙන් පකිස්ථානයේ මියගිය පුද්ගලයින් ගණන ඉහළට

- Advertisement -

ඇදහැලෙමින් ඇති ධාරානිපාත වර්ෂාව සහ ජල ගැලීම් හමුවේ පකිස්තානයේ බලෝකිස්තාන ප්‍රාන්තයේ මියගොස් ඇති පුද්ගලයින් ගණන 176 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ප්‍රාදේශීය ආපදා කළමනාකරණ අධිකාරිය පවසන්නේ මියගිය පිරිස අතරින් 77 දෙනෙකු පිරිමි පුද්ගලයින් බවයි.

කාන්තාවන් 44 දෙනෙකු හා ළමුන් 55 දෙනෙකු මියගිය පිරිස අතර වන බව ද ප්‍රාදේශීය ආපදා කළමනාකරණ අධිකාරිය පවසයි.

ජල ගැලීම් හා ආපදාවලින් තවත් පිරිමි පුද්ගලයින් 48 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
තුවාලකරුවන් අතර කාන්තාවන් 11 දෙනෙකු හා ළමුන් 16 දෙනෙකු ද වන බව ද බලෝකිස්තානයේ ප්‍රාදේශීය ආපදා කළමනාකරණ අධිකාරිය තහවුරු කර තිබේ.

අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ කිහිපයකින් නායයාම් ද වාර්තා වන අතර පස්කඳු කඩාවැටීම් හා ජල ගැලීම් හේතුවෙන් විනාශ වී ඇති නිවාස සංඛ්‍යාව 18,000 කට අධිකයි.

ජල ගැලීම් පවතින ප්‍රදේශවල සන්නිවේදන සේවා බිඳ වැටී ඇති අතර පානීය ජල මූලාශ්‍ර ද අවදානමට ලක්ව ඇති බව වාර්තා වෙයි.

ජල ගැලීම් හේතුවෙන් බලෝකිස්තානයේ වගා භූමි අක්කර දෙලක්ෂයකට අධික ප්‍රමාණයක් විනාශ වී ඇති අතර ගවයින් 23,000 කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බව ද පැවසේ.

RECENT ARTICLES - SINHALA

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

BREAKING – IMF ණය පහසුකම අනුමත වෙයි

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර...

පුෂ්පිකාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ දිනයේදී තමාට සුළු තුවාල සිදුකළැයි කියන සිද්ධියට අදාළ පැමිණීලිකාරිය වන පුෂ්පිකා ද සිල්වා මහත්මියට ලබන ජුනි...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.