30.5 C
Colombo
Tuesday, April 23, 2024

හිජාස් හිස්බුල්ලාට ඇප

- Advertisement -

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා ඇප මත මුදා හරින ලෙස මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දවෙල යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියම කර තිබෙනවා.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිජාස් ඉස්බුල්ලා ඇපමත මුදාහරින ලෙස ඉල්ලමින් ඔහු වෙනුවෙන් ඉදිරිපත් කළ පෙත්සමක් පිළිගැනීමෙන් අනතුරුව ඔහු ඇප මත මුදා හරින ලෙස අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් හලාවත මහාධිකරණය වෙත නියෝග කළේය.

එම පෙත්සම ඉකුත්දා කැඳවනු ලැබූ අවස්ථාවේදී ඇප ඉල්ලීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොදක්වන බව නීතිපතිවරයා විසින් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණි.

එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සහ නීතිපතිවරයාගේ පාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුවයි අධිකරණය අද එම නියෝගය නිකුත් කර තිබේ.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බව කියමින් 2020 අප්‍රේල් 14 වනදා මානව හිමිකම් නීතිඥයකු වන හිජාස් හිස්බුල්ලා මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගත් අතර මාස 18ක පමණ කාලයක් රැඳවුම් නියෝග යටතේ රැඳවුම් භාරයේ තබාගෙන සිට පසුව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබිණි. අවසානයෙහි පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට සාක්ෂි නොමැති වීම නිසා ඔහුට නඩු පැවරුණේ අන්තවාදී දේශනයක් සිදුකිරීම සම්බන්ධයෙනි.

තමන්ව ඇප මත නිදහස් කරන ලෙස ඒ මහතා විසින් අධිකරණ වෙත කරන ලද ඉල්ලීම් අවස්ථා ගණනාවකදී ප්‍රතික්ෂේප කෙරුණු අතර අද දිනයේදී අවසානයෙහි ඔහුට ඇප මත නිදහස් වීමේ අවස්ථාව ලැබී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ජාතික පාසල්වල ගුරු පුරප්පාඩු ගැන දැනුම් දීමක්

ජාතික පාසල්හි පවතින ගුරු පුරප්පාඩු සඳහා 2024.03.02 දිනැතිව පවත්වන ලද තරඟ විභාගයේ ප‍්‍රතිඵල අනුව බඳවා ගැනිමේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත්...

පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් ඇරඹේ

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් අධ්‍යනය කටයුතු හෙට සිට යළි ආරම්භ වනවා. මේ වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර ඒ අනුව හෙට ආරම්භ වන අතර...

පළමු මාස තුනේ රාජ්‍ය ආදායම කෝටි 83,400ක්

මෙම වසරේ (2024) පළමු මාස තුළ රාජ්‍ය ආදායම අපේක්‍ෂිත ඉලක්කය ඉක්වා ඇති බව  මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙනේ එම කාල...

POPULAR ARTICLES

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...