මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
මන්නාරම දිස්ත්‍රික්කයේ පවතින එකම තෘතීයික සත්කාරක රෝහල වන මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා ශ්‍රී ලංකා රුපියල් මිලියන 600 ක උපරිමයකට යටත්ව මූල්‍ය ප්‍රදානයක් ලබා දීමට ඉන්දීය රජය විසින් එකඟතාව පළ කර තිබුණා.
එම කාර්යය සඳහා දෙපාර්ශ්වය අතර අත්සන් තැබීමට යෝජිත අවබෝධතා ගිවිසුම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ එකඟතාව ලැබී තිබෙනවා.
ඒ අනුව, දෙපාර්ශ්වය අතර අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනවා.