29 C
Colombo
Friday, March 29, 2024

මූලික විරෝධතා ප්‍රතික්ෂේපයි. පාස්කු ප්‍රහාරයට අදාළව හේමසිරිට විරුද්ධවත් නඩු ඇසීම ඇරඹෙයි

- Advertisement -

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වලක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව නීතිපතිවරයා ගොනු කරන ලද අධිචෝදනා සම්බන්ධයෙන් ඉදිරිපත් වූ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කළ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (23) සිට නඩුව විභාගයට ගැනීමට නියෝග කළා.

නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද මෙම නඩුව කැදවු අවස්ථාවේදී හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව අධිචෝදනා කියවීමට ප්‍රථම ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධ්පති නීතිඥ මොහාන් කුලතුංග මහතා නීතිපතිවරයා ගොනු කර ඇති අධි චෝදනා සම්බන්ධයෙන් මුලික විරෝධතාවයක් මතුකළා.

එහිදි ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ විත්තිකරුට එරෙහිව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් මිනීමැරීමට පෙළඹවීම , මිනීමැරීමට කුමන්ත්‍රණය කිරීම හා නීතිවිරෝධී ආකාරයෙන් නොකරහැරිම යන චෝදනා පිළිබඳ වරදක් අනාවරණය නොවන බවයි.

ඒ අනුව විත්තිකාර හේමසිරි ප්‍රනාන්දු නිදොස්කොට නිදහස් කරන ලෙසට ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

කෙසේ වෙතත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන සිල්වා මහතා සදහන් කළේ විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කළ සියලු චෝදනා ඔප්පු කිරීමට සාක්ෂි ඉදිරිපත් කිරීමට සූදානම් බැවින් නඩුව විභාගයට ගන්නා ලෙසයි.

කරුණු සලකා බැලු ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරු වෙනුවෙන් ඉදිරිපත් කළ මුලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් හෙට (23) සිට විභාගය සදහා නඩුව කැදවීමට නියෝග කළා.

අනතුරුව විත්තිකරු වෙත චෝදනා පත්‍රයේ අඩංගු අධි චෝදනා කියවා දුන් අතර තමා සියලු චෝදනා වලට නිවැරදිකරු බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු අධිකරණය හමුවේ කියා සිටියා.

කෙසේ වෙත්ත් මෙම නඩුව විභාගයට ගැනීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල කළ නියෝගය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනයක් ගොනු කිරීමට බලාපොරොත්තු වන බව විත්තියේ ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ පැවසුවා.

RECENT ARTICLES - SINHALA

හොඳම වෙලාව බලලා බලවත්ම සන්ධානය එලියට දානවා-රවී කරුණානායක

සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. මේ වන විට හතු පිපෙනවා...

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තනතුරු කිහිපයක් සඳහා විශේෂ දිරි දීමනාවක්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, අමාත්‍යාංශය සඳහන් කළේ ඒ,...

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...