29 C
Colombo
Saturday, January 18, 2025

හැටහය පාරක් උඩින් ගිය හිටපු ඇමැති 15 මෙන්න

- Advertisement -

හිටපු ඇමතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය පවසන බව ලංකාදිප පුවත්පත වාරත් කරනවා.

සිය ප්‍රවාහන අවශ්‍යතා සඳහා මෙම ඇමතිවරුන් වෙනුවෙන් වෙන්කරනු ලැබ තිබූ ගුවන් ගමන් වාර සංඛ්‍යාව 66ක් බවයි.

හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ගුවන් ගමන් වාර විසිපහක්ද ,හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ගුවන් ගමන් වාර දහයක්ද ,හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා හා හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ගුවන් ගමන් වාර හයක් ද,හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා ,හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හා හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා ගුවන් ගමන් වාර තුනක්ද,හිටපු අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා හා හිටපු අමාත්‍ය අලිසබ්‍රි මහතා ගුවන් ගමන්වාර දෙකක්ද ,හිටපු අමාත්‍ය දයාගමගේ මහතා,හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ,හිටපු අමාත්‍ය අමාත්‍ය එම්.එච්.එම් හලීම් මහතා,හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ,හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා හා හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා එක් ගුවන් ගමන්වාරය වශයෙන් ගුවන් ගමන් වාර හැට හයක් මෙසේ යොදාගෙන තිබූ බව ගුවන් හමුදාව ප්‍රකාශ කරනවා.

මෙම ඇමතිවරුන් සිය ප්‍රවාහන අවශ්‍යතා සඳහා මෙලෙස ගුවන් හමුදාවේ ගුවන් යානා මෙලෙස යොදාගෙන තිබුණේ 2019 වසරේ සිට 2020 දක්වා කාලයේදී බවයි සඳහන් වන්නේ.

මෙම ගුවන් ගමන් බොහොමයකට රජයෙන් මුදල් වැය කර තිබෙන බවට පැවසෙනවා.

මෙම තොරතුරු සඳහන් වන්නේ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ යටතේ කරන ලද ඉල්ලීමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයෙන් ලැබුණු පිළිතුරු වාර්තාවක බව සඳහන්.

මේ අතර 2019 වසරෙන් පසු ගුවන් හමුදාවට වයි 12 ගුවන් යානා දෙකක් මිලදී ගෙන තිබූ බව ගුවන් හමුදා මූලස්ථානය පවසනවා.

මේ අතර රාජ්‍ය ආයතන දහයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ලබා ගත් ගුවන් සේවා සඳහා අයවිය යුතු රුපියල් ලක්ෂ 90ක මුදලක් අයකර ගැනීමට නොහැකි තත්වයක් උදාවී ඇතැයිද පාර්ලිමේන්තුවේදී තොරතුරු අනාවරණය කරන බව සඳහන්.

එම ආයතන 2003 වසරේ සිට එම සේවාවන් ලබාගෙන තිබෙන බවයි පැවසෙන්නේ.

RECENT ARTICLES - SINHALA

ඊ – ටිකට් ජාවාරමට දුම්රිය සේවකයෙක්ගේ වැඩ තහනම්

දුම්රිය ඊ ප්‍රවේශපත්‍ර ජාවාරමට සම්බන්ධ යයි චෝදනා එල්ල වී සිටින මාකුඹුර දුම්රිය ස්ථානයේ සේවයේ නිරතව සිටි දුම්රිය සේවකයෙකුගේ සේවය අත්හිටුවීමට පියවර ගත් බව දුම්රිය...

සඟවා තිබූ ජීප් රථයක් හා වාහන චැසි දෙකක් සොයා ගැනේ

කූඨ ලේඛණ සකස් කර භාවිත කළ තවත් ජීප් රථයක් හා වාහන චැසි දෙකක් මාතලේදී අත්අඩංගුවට ගැනුණා. දින කිහිපයකට පෙර මාතලේ ප්‍රදේශයේදී ජීප් රථ කිහිපයක් සමග...

දේශපාලන සිරකරුවන් දැන්වත් නිදහස් කළ යුතුයි

පැරැණි ප්‍රශස්ති පසෙක තබා දෙමළ දේශපාලන සිරකරුවන්ව වත්මන් ආණ්ඩුව නිදහස් කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා පවසනවා. දේශපාලන සිරකරුවන් යැයි...

POPULAR ARTICLES