31.7 C
Colombo
Friday, June 20, 2025

සජිත්ගේ අධ්‍යාපන සුදුසුකම් මෙන්න

- Advertisement -

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය අධ්‍යාපන සුදුසුකම් අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

විපක්ෂ නායකවරයා සඳහන් කළේ ඊයේ (17) නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා මතු කළ කාරණාවක් ඉලක්ක කරගනිමින් මෙම ඉදිරිපත් කිරීම සිදු කරන බවයි.

තමා මෙරට සාමාන්‍ය පෙළ විභායට පෙනී නොසිටි බවද සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පවසා සිටියා.

එමෙන්ම, තමා සාමාන්‍ය පෙළ විභාගය අසමත් වූ බව ව්‍යාජ පුවතක් බවත් එය සමාජ ගත කිරීම සම්බන්ධයෙන් කණගාටුවට පත් වන බවත් ඔහු තවදුරටත් සඳහන් කළා.

“මම ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය පෙර පාසල් අධ්‍යාපනය ලැබුවා

ප්‍රාථමික අධ්‍යාපනය ශාන්ත තෝමස් විද්‍යාලයෙනුත් , ද්විතීයික අධ්‍යාපනය රාජකීය විද්‍යාලයෙනුත් ලබා ගත්තා

මම මේ රටේ සාමාන්‍ය පෙළ විභාගය කළේ නැහැ , මම ඉදිරිපත් කරන්න කැමති පාසලේ ප්‍රගති වාර්තාව..

කාලයක් කණිෂ්ඨ ශිෂ්‍ය නායකයෙක් විදියට මෙන්ම 13න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ හිටියා ඒ සහතිකත් මම ඉදිරිපත් කර තිබෙනවා.

අනතුරුව මම එංගලන්තයේ Mill Hill School විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවා.

83/84 කාල වකවානුවේ මම The Oxford and Cambridge Schools Examination Board යටතේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමින්  A2 B2  C 3 වශයෙන් ප්‍රතිඵල ලබා ගෙන සමත් වුණා. “

එමෙන්ම තමා The Oxford and Cambridge Schools Examination Board යටතේ උසස් පෙළ විභාගයට පෙනී සිට ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව සහ ව්‍යාපාරික අධ්‍යනය යන විෂයයන්වලට  C 1 ක් සහ  B 2ක් වශයෙන්  ප්‍රතිඵල ලබා ගත් බවද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළා.

එම විභාග ප්‍රතිඵල අනුව  London School of Economics and Political Science විශ්ව විද්‍යාලයේ උපාධිය හදාරා 1991 වසරේදී උපාධිය ලබා ගත් බව ඔහු පවසා සිටියේ සිය උපාධි සහතිකයද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්.

RECENT ARTICLES - SINHALA

පොහොට්ටුවත් එක්ක ගාල්ලේ බලය මාලිමාවට

ගාල්ල මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිව තිබෙනවා. ගාල්ල මහ නගර සභාවේ මංගල රැස්වීම පළාත් පාලන මහකොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් අද (20) පැවැත්වුණා. ගාල්ල මහ නගර...

සිරකරු සමාවට තුන්කට්ටුවක් මැති සබේ පැටලිලා

ජනාධිපති සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීමේදී ජනාධිපතිවරයාගේ ලේඛනයට අදාළ නොමැති සිරකරුවෙකු නිදහස් කිරීමේ පිළිබඳ නැවත පාර්ලිමේන්තුවේදී ඊයේ (19) උණුසුම් සංවාදයක් ඇති වුණා. ඒ අමාත්‍ය ආනන්ද...

 හල්ලොලුවට ඇප

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාට ඇප හිමිව තිබෙනවා. හල්ලොලුව මහතා අද (20) පෙරවරුවේ කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය...

POPULAR ARTICLES

ලුණු සහ විෂ බැක්ටීරියා පමණක් ඇතුළත් ද්‍රාවණයකට රජයෙන් ලක්ෂ 1444ක් වැය කරලා – නීතිපති

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධ ගනුදෙනුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඇතුළු සැකකරුවන් 11 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ අවසන් වාර්තාව...

පොහොට්ටුවත් එක්ක ගාල්ලේ බලය මාලිමාවට

ගාල්ල මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිව තිබෙනවා. ගාල්ල මහ නගර සභාවේ මංගල රැස්වීම පළාත් පාලන මහකොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් අද (20) පැවැත්වුණා. ගාල්ල මහ නගර...

සිරකරු සමාවට තුන්කට්ටුවක් මැති සබේ පැටලිලා

ජනාධිපති සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීමේදී ජනාධිපතිවරයාගේ ලේඛනයට අදාළ නොමැති සිරකරුවෙකු නිදහස් කිරීමේ පිළිබඳ නැවත පාර්ලිමේන්තුවේදී ඊයේ (19) උණුසුම් සංවාදයක් ඇති වුණා. ඒ අමාත්‍ය ආනන්ද...