28 C
Colombo
Thursday, October 3, 2024

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන දින මෙන්න

- Advertisement -

මෙවර (2024) කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 06 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය කටයුතු සංවිධානය කර තිබෙනවා.

මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සංවිධානය වන්නේ 25 වන වරටයි

ඒ අනුව බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී (BMICH) පෙ.ව. 9.00 සිට ප.ව. 9.00 දක්වා පොත් ප්‍රදර්ශනය පැවැත්වෙනු ඇති.

එහි අනුග්‍රාහක ගිවිසුම් අත්සන් කිරීම සහ වෙළඳ කුටි බෙදාදීම ද පසුගිය දා සිදු කෙරුණා.

මෙම වසරේ ඇති අධික ඉල්ලුමත්, 25 වන සංවත්සරය යෙදීම නිසාවෙනුත් මෙවර පොත් ප්‍රදර්ශනය වෙන වසරවලට සාපේක්ෂව වඩාත් උත්කර්ෂවත් අන්දමින් සංවිධානය වන බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සඳහන් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

සිසුවා ඝාතනයට පෙම්වතිය ඇතුළු 7ක් අත්අඩංගුවට

මහවෙල මඩවල උල්පත ප්‍රදේශයේ සිසුවෙකු අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සියලුදෙනාට දැඩි දඬුවම් ලබාදෙන්නැයි ඉල්ලා ප්‍රදේශවාසීන් අද (03) විරෝධතාවක නිරත වි තිබෙනවා. ඔවුන්...

මෙරට සංවර්ධනයට කොරියානු එක්සීම් බැංකුවේ මූල්‍ය සහාය

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ...

තාඹුගලගේ විදෙස් ගිණුම් ගැන වාර්තාවක් දෙන්න – අධිකරණය

අවුරා ලංකා සමාගමේ සභාපති ව්‍යාපාරික විරංජිත් තාඹුගලගේ මහතාගේ විදෙස් බැංකු ගිණුම් සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ...

POPULAR ARTICLES

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

Breaking: ශිෂ්‍යත්ව විභාගය ගැන රජය ගත් විශේෂ තීරණය

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් උද්ඝෝෂණයක නිරත වූ දෙමව්පියන් පිරිසක් අතර සාකච්ඡාවක් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති...

අනුර පත් කරන පමාවට ලේකම් කෙනෙක් ගෙදර ගිහින්

නව රජය බලයට පත්වීමත් සමග අමාත්‍යාංශ 17ක් සඳහා පසුගිය අඟහරුවාදා (23) නව ලේකම්වරු පත් කෙරුණා. මෙහිදී රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන...