30 C
Colombo
Sunday, December 3, 2023

පාස්කු ප්‍රහාර කොමිසමේ නිගමන මෙන්න

- Advertisement -

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සෘජුවම සම්බන්ධ පුද්ගලයන් 13 දෙනකු ගැන සඳහන් කරමින් ප්‍රධාන නිගමන 10ක් සඳහන් කිරීමට ඒ ගැන සොයාබැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව කටයුතු කර ඇතැයි ‘නිව්ස් 19’ ට අතිශය විශ්වසනීය ආරංචි මාර්ගයකින් සඳහන් විය.

සහරාන්, රිල්වාන්, ෂයිනි, ඉල්හාම්, ඉන්ෂාෆ්, ජමීල්, හස්තුන්, මුවාත්, අසාද්, මුබාරක්, නවුෆර්, මිල්හාන්, සාදික් යන පුද්ගල නාම එසේ සටහන් කර ඇත.

තවුහිද් දෘෂ්ටිවාදය මෙරට ඉස්ලාම් අන්තවාදය ක්‍රියාත්මක වන පදනම යැයි ද ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම්, ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් ශිෂ්‍ය ව්‍යාපාරය සහ තවුහිද් කණ්ඩායම් වැනි සංවිධාන ඊට වක්‍රව සම්බන්ධ වී ඇතැයි ද එම නිගමනවල සඳහන් වේ.

මෙවැනි ත්‍රස්තවාදය හා අන්තවාදී ක්‍රියාකාරකම් රට තුළ සිදුවනු ඇති බවට පූර්ව නිශ්චය කිරීමට අපොහොසත් වීම සහ ඊට අදාළ කරුණු සොයා බැලීම හෝ ඊට සම්බන්ධ කවුරුන්ද යන්න පිළිබඳව සොයා බලා නීතියට අනුව ක්‍රියා කිරීම නොසලකා හැරීම සම්බන්ධයෙන් නිලධාරින් හා බලධාරින් පිරිසක් හඳුනාගෙන ඇති බවත් අදාළ නොසලකාහැරීම්වලට ඔවුන් වගකිව යුතු බව ද නිගමනයේ දැක්වේ.

මීට අමතරව තවත් නිගමන හතක් ඇති බව වාර්තා වේ.

එම නිගමන ‘නිව්ස් 19’ කඩිනමින් ඔබට ලබා දෙනු ඇත.

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය බැංකු දෙකකට බිලියන 80ක පොල්ලක්

මෙරට ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකකින් ණය ලබාගත් ඉහළ පෙළේ ව්‍යාපාරික ගනුදෙනුකරුවන් දහ දෙනෙක් රුපියල් බිලියන 80ක ණය පැහැර හැර තිබෙන බව ලංකා බැංකු සේවක...

දේශබන්දු ඉවත්කිරීමට රනිල්ගෙන් අලුත් සැලසුමක්

අලුතෙන් පොලිස් කොමසාරිස් ජනරාල් ධූරයක් ස්ථාපිත කොට ඒ සඳහා හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පත්කිරීමට ජනාධිපති කාර්යාලය සැලසුම් කරමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා. ජනාධිපතිවරයා...

බදු නොගෙවූ සුපිරි වාහන 500ක් රට පුරා

අනුමත රේගු බදු නොගෙවා වාහන අමතර කොටස් ආනයනය කර පසුව ඒවා එකලස් කර ඉතා වටිනා වාහන නිපදවා අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අල්ලස් දූෂණ...

POPULAR ARTICLES

සා.පෙළ විභාගයේ ප්‍රතිඵල ගැන අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ අනාවරණ‍යක්

මෙවර 2022 අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත මෙවර සිසුන් දෙලක්ෂ නමදාස් හත්සිය හැට එකක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. එය 72.07% ප්‍රතිශතයක් බවයි සඳහන්...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන  https://www.doenets.lk  සහ www.results.exams.gov.lk වෙත පිවිස ප්‍රතිඵල ලබා...

සුරාසැල් විවෘතව තබන වේලාවේ වෙනසක්

සුරාසැල් විවෘතව තබන වේලාවන්වල වෙනසක් සිදු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා අද (01) දින සුරාබදු පරීක්ෂකවරුන්ගේ වාර්ෂික මහා සම්මේලනයට එක්වෙමින් රාජ්‍ය...