32 C
Colombo
Friday, January 17, 2025

වැඩි වූ මත්පැන්වල මිල ගණන් මෙන්න

- Advertisement -

අද (11) සිට ක්‍රියාත්මක වන පරිදි මත්පැන් සඳහා වන නිෂ්පාදන බද්ද 6 % කින් වැඩි කර තිබෙනවා.

අතිවිශේෂ ගැසට් නිවේදනයක් මඟින් මුදල් අමාත්‍යාංශය ඒ බව දැනුම් දෙනු ලැබුවා.

  ඒ අනුව ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදිත විශේෂ අරක්කු සඳහා යොදාගන්නා මධ්‍යසාර ලීටරයක් මත පැනවෙන බද්ද රුපියල් 7,244ක්.

එමෙන්ම, මෙරට තුළ නිෂ්පාදිත මොලෑෂස්, තල්, පොල් සහ පදම් කළ අරක්කු සඳහා යොදා ගැනෙන මධ්‍යසාර ලීටරයක් මත පැනවෙන බද්ද රුපියල් 7,752ක් ලෙස සටහන් වෙනවා.

මෙරට නිෂ්පාදිත විදෙස් මත්පැන් සඳහා යොදාගන්නා මධ්‍යසාර ලීටරයක් සඳහා රුපියල් 7,969ක බද්දක් පනවා තිබෙනවා.

මෙම නව බදු සංශෝධනත් සමග රුපියල් 3,580ක් වූ ගල් අරක්කු බෝතලයක මිල රුපියල් 102කින් ඉහළ නැංවීමට නියමිතයි. ඒ අනුව එහි නව මිල, රුපියල් 3682 ක්.

රුපියල් 3,850ක් වූ පොල් අරක්කු බෝතලයක මිල ඉහළ නැංවෙන්නේ රුපියල් 109කින්. ඒ අනුව එහි නව මිල, රුපියල් 3959ක්.

එමෙන්ම පරණ අරක්කු බෝතලයක මිල රුපියල් 4,000ක්ව පැවති අතර, එහි මිල රුපියල් 109කින් ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව එහි නව මිල, රුපියල්4109 ක්.

රුපියල් 4,250ක් වූ අති විශේෂ පරණ අරක්කු බෝතලයක මිල ද රුපියල් 109කින් වැඩිවීම සිදු වෙනවා.

මේ අතර සැර අඩු බියර් බෝතලයක් රුපියල් 30කින් වැඩිවන අතර, සැර වැඩි බියර් බෝතලයක් රුපියල් 40කින් වැඩිවීමට නියමිතයි.

තවද, දේශීයව නිපදවන විදේශීය විස්කි බෝතලයක මිල ද රුපියල් 100කින් ඉහළ නංවා තිබෙනවා.

එමෙන්ම විදේශීය මත්පැන් වර්ග ඒවායේ සැර ප්‍රමාණය අනුව මිල ඉහළ නැංවෙනු ඇති.

RECENT ARTICLES - SINHALA

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

සක්‍රීය ඊසාන දිග මෝසම් තත්ත්වය හේතුවෙන් හෙට (18) සිට උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අපේකෂා කරන බව කාලගුණවිද්‍යා...

රත්මලානෙන් නාඳුනන කාන්තා මළ සිරුරුක් හමුවෙයි

රත්මලාන, ලුනාව ඇල ව්‍යාපෘතියට අයත් බෝධිරුක්කාරාම විහාරස්ථානය අසල කලස ඇල මාර්ගයේ තිබී නාදුනන කාන්තා මළසිරුරක් අද (17) වන දින උදෑසන හමුවී ඇතැයි ගල්කිස්ස පොලිසිය...

වතුකරයට ස්මාට් පන්ති කාමර

වතුකර පාසල් සඳහා ස්මාර්ට් පන්ති කාමර 60ක් ඉදිකිරීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ඊයේ (16) සිදුව තිබෙනවා. ඒ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම්...

POPULAR ARTICLES