32 C
Colombo
Saturday, April 20, 2024

IOC ඉන්ධන නිකුත් කිරීමේ සීමාවන් මෙන්න

- Advertisement -

අදත් සීමා සහිතව ඉන්ධන නිකුත් කෙරෙන්නේ අයි.ඕ.සී. සමාගමේ පිරවුම්හල් සඳහා පමණයි.

ඒ අනුව, යතුරු පැදිවලට රුපියල් 1500 සීමාවකුත් ත්‍රිරෝද රථවලට රුපියල් 2500 ක් හා මෝටර් රථවලට රු. 7000 ක යන සීමාවන්ට යටත්වයි.

මේ අතර, ඉන්ධන නෞකාවක් පිළිබඳ තවමත් තොරතුරක් නොමැති නමුත් ජනතාව ටෝකන් ඇතිව හෝ නැතිව ඉන්ධන පෝලිමේ සිටින්නේ දින ගණනක සිටයි.

ඊයේ රාත්‍රිය දක්වා ත්‍රිකුණාමලය ලංකා අයි.ඕ.සී. සමාගමෙන් ඉන්ධන බෙදා හැරීම සිදු කෙරිණ පෙට්‍රල් සහ ඩීසල් බවුසර් 56 ක් පමණ ඊයේ රාත්‍රිය වන විට නිකුත් කර තිබූ බවයි වාර්තා වන්නේ.

මේ අතර කටාර් රාජ්‍යයේ සංචාරයක නිරත විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ එරට බලශක්ති කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සාද් ෂෙරීදා අල් කාබි මහතා හමුව තිබෙනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදය විසඳා ගැනීම සඳහා ඛනිජතෙල් නිෂ්පාදන, එල්. පී. ජී. හා එල්.එන්.ජී ගෑස් සම්පාදනය කිරීම පිළිබඳව සාකච්ඡා කළ බවයි.

කටාර් සංවර්ධන අරමුදලේ සහාය ලබා ගැනීම පිළිබඳවත් එහිදී සාකච්ඡා කර තිබෙනවා. කටාර් රාජ්‍යයේ බලශක්ති කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා කටාර් එනර්ජි සමාගමේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරියා ද වනවා.


RECENT ARTICLES - SINHALA

සහන සේවාවලට ලබාදුන් ට්‍රැක්ටර් බවුසර් 5ක් අතුරුදන්

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි 33ක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල හතරකින් අස්ථානගත වී ඇති බව වාර්තා වනවා....

නවසීලන්තයට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක්

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් නවසීලන්තයේ වෙලිංටන් හි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව ශ්‍රී ලංකා...

උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමට

අද (20) දිනයේ මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ දිස්ත්‍රික්ක 4ක් හැරුණු...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...