28.9 C
Colombo
Tuesday, July 8, 2025

සාමාන්‍ය පෙළ ජයගත් දිවයිනේ විශිෂ්ටයින් මෙන්න

- Advertisement -

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල්ෂා කුමාරතුංග ශිෂ්‍යාව සමත්ව තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දෙවන ස්ථානය කොළඹ මියුසියස් විද්‍යාලයේ කුළුණි මෙත්සරා සහ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ විමංසා ජයනදී රත්නවීර යන සිසුවියන්ට හිමිව ඇති බවයි.

මෙවර ප්‍රතිඵලවලට අනුව දිවයිනේ සිව්වන ස්ථානයට සිසුවියන් තිදෙනෙකු පත්ව තිබේ.

කොළඹ විශාකා බාලිකා විද්‍යාලයේ සෙශානි සෙහංසා ජයවර්ධන, නුගේගොඩ අනුලා විද්‍යාලයේ මෙතුකි චමෝදි පෙරේරා සහ ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ නදුන් පමුදිතා රණවක යන සිසුවියන් සිව්වන ස්ථානයට පත්ව ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

හත්වන ස්ථානයට සිසු සිසුවියන් සිව්දෙනෙකු තේරී පත්ව සිටින අතර නුගේගොඩ අනුලා විද්‍යාලයේ නෙම්දිනී වොනාරා අධිකාරි, ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ තත්සරා කාවින්දි, පානදුර ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයේ තමාෂි ධනංජනා වික්‍රමගේ සහ මාතර රාහුල විද්‍යාලයේ සකුණ සදීශාන් සමරවික්‍රම එම ස්ථානය හිමිකරගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

වාහන මිල ඉහළ යනු ඇතැයි අනතුරු ඇඟවීමක්

වාහන ආනයනය කිරීම සඳහා මෙම වසර සඳහා වෙන් කළ මුදලින් ඉතිරි වී ඇත්තේ ඩොලර් මිලියන දෙසීයක් පමණක් බවත් ඒ හේතුවෙන් ඉදිරියේදී වාහන මිල යළි...

විමල් CID කැඳවයි

ශ්‍රී ලංකා රේගුව විසින් බහාලුම් 323 ක් නිසි පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක්...

බොරැල්ලේ වෙඩිතැබීමක්

බොරැල්ල ලෙස්ලි රණගල මාවත ප්‍රදේශයේදී අද (08) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති...

POPULAR ARTICLES