ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වු ගැටුම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා සහකාර බන්ධනාගාර අධිකාරීවරයෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යොමුකර තිබෙනවා.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක මහතා පවසන්නේ, අදාළ ගැටුම පිළිබඳව අද (27) අධිකරණයට කරුණු වාර්තා කිරීමට කටයුතු කරන බවයි.
ඊයේ (26) පස්වරුවේ ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් හට ගෙන තිබුණා.
ඉන් රැඳවියන් සිව්දෙනෙකු තුවාල ලබා තිබු අතර දෙදෙනෙකු ගාල්ල කරාපිටිය ජාතික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී සඳහන් කළා.
ගැටුමෙන් තුවාල ලැබු අනෙක් රැඳවියන් දෙදෙනා බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබුණා.
මේ අතර බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ, මේ වන විට එහි රඳවා සිටින අහුංගල්ල ‘ලොකු පැටී’ සහ ‘කරන්දෙණිය සුද්දා’ යන ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනාගේ කණ්ඩායම් දෙක අතර මෙම ගැටුම හටගෙන ඇති බවයි.