31 C
Colombo
Wednesday, February 12, 2025

T20 යොවුන් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන තරඟ මෙන්න

- Advertisement -

මැලේසියාවේ පැවැත්වෙන වයස 19න් පහළ විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 වටයට සුදුසුකම් ලබාසිටින ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාකරන තරග මේ වනවිට තීරණය වී තිබෙනවා.

ඒ අනුව සුපිරි 6 වටයේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන පළමු තරගය එළැඹෙන 26වනදා ස්කොට්ලන්තයට එරෙහිව පැවැත්වෙනවා.

එමෙන්ම එම වටයේ ඔවුන් ක්‍රීඩාකරන දෙවන තරගය මෙම මස 29වනදා ඔස්ට්‍රේලියාව සමගින් ක්‍රීඩාකිරීමට නියමිතයි.

කණ්ඩායම් 16ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ මූලික වටයේ තරග කාණ්ඩ 4ක් යටතේ පැවැත්වෙනවා.

එහි ‘A’කාණ්ඩයෙන් ක්‍රීඩාකළ ශ්‍රී ලංකාව එම කාණ්ඩයෙන් තරගකළ සත්කාරක මැලේසියාව හා බ.ඉ. කොදෙව් කාන්තා කණ්ඩායම් පහසුවෙන් පරාජය කිරීමට සමත් වුණා.

කෙසේ නමුත් ඔවුන් ඉන්දියාවට එරෙහි තරගය පමණක් පරාජය වී එම කාණ්ඩයේ දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.

සුපිරි 6 වටය කණ්ඩායම් 6 බැගින් කණ්ඩායම් 12ක් කාණ්ඩ 2ක් යටතේ ක්‍රීඩාකරනු ලබනවා.

එම සෑම කාණ්ඩයකම ප්‍රසාද ලකුණු සටහනේ පළමු හා දෙවන ස්ථාන හිමිකරගන්නා කණ්ඩායම්වලට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට අවස්ථාව හිමිවනවා.

සුපිරි 6 වටයේ තරග හෙටින් (25) ආරම්භවීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

අර්ච්චුනා පහරදුන් පුද්ගලයෙක්ට සැත්කමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පිඟානකින් පහර දී තුවාල සිදුකළ පුද්ගලයා මේ වනවිට සැත්කමක් සඳහා යොමු කර ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා...

අත්අඩංගුවට ගත් තරුණයෙක් මිය ගිහින් – පහර දුන් බවට පොලීසියට චෝදනා

වාද්දුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් පොලිස් ඇප මත මුදාහැරීමෙන් පසු මිය ගොස් ඇති බවට ලද ලද පැමිණිල්ලක් මත  පානදුර පොලිස් අධිකාරී කාර්යාලය පරීක්ෂණයක්...

අර්චුනා ආයෙත් යකා නටලා

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පහරදීමක් සිදුකළ බව පවසමින් පුද්ගලයින් දෙදෙනෙකු යාපනය මහ රෝහල වෙත ඇතුළත් වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා...

POPULAR ARTICLES

අර්ච්චුනා පහරදුන් පුද්ගලයෙක්ට සැත්කමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පිඟානකින් පහර දී තුවාල සිදුකළ පුද්ගලයා මේ වනවිට සැත්කමක් සඳහා යොමු කර ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා...

අත්අඩංගුවට ගත් තරුණයෙක් මිය ගිහින් – පහර දුන් බවට පොලීසියට චෝදනා

වාද්දුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් පොලිස් ඇප මත මුදාහැරීමෙන් පසු මිය ගොස් ඇති බවට ලද ලද පැමිණිල්ලක් මත  පානදුර පොලිස් අධිකාරී කාර්යාලය පරීක්ෂණයක්...

මැතිව් කුනමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව ගැන සැකයක්

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක මැතිව් කුනමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට වාර්තා වීමත් සමග එය නිවැරදි වන තෙක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු යැවීම ඔහුට අත්හිටුවා...