27 C
Colombo
Saturday, October 12, 2024

අනුර ජනපති වුණොත් පාර්ලිමේන්තු යන මන්ත්‍රී මෙන්න

- Advertisement -

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් මහමැතිවරණය අවසන් වන තුරු පාලන බලය පවත්වාගෙන යාම සඳහා නව භාරකාර අමාත්‍ය මණ්ඩලයක් නිර්මාණය කරන බව එම පක්ෂයේ විධායක සභික නලින්ද ජයතිස්ස පවසනවා.

අනුර කුමාර දිසානායක ජනපතිවීමෙන් පසුව පුරප්පාඩු වන මන්ත්‍රී අසුන සඳහා කොළඹ දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ මීළඟට සිටින ලක්ෂ්මන් නිපුණආරච්චි පත්කිරීමට සැලසුම් කර ඇති බව Youtube නාලිකාවක පැවති සාකච්ඡාවට එක්වෙමින් නලින්ද ජයතිස්ස මහතා සදහන් කරනවා.

හරිනි අමරසූරිය, විජිත හේරත් සහ ලක්ෂ්මන් නිපුණආරච්චිට අමතරව ජනාධිපති අනුර කුමාර දිසානායක ගෙන් යුතු කැබිනට්ටුවක් නිර්මාණය කිරීම ජාතික ජනබලවේගය පක්ෂයේ සැලසුම බව ඔහු මෙහිදී අනාවරණය කර තිබෙනවා.

මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කරමින් ජාතික ජන බලවේගය අන්තර්ජාල නාලිකාවක් සමග පැවැත් වූ අවසන් සජීව සංවාදය වන මෙහිදී තවත් වැදගත් කරුණු රැසක් පිළිබඳ කරුණු හෙළි කර තිබෙනවා.

මේ අතර සමගි ජනබලවේගය පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කලහොත් ඔහුගෙන් හිස්වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හට ලැබීමට නියමිතයි.

පසුගිය මහමැතිවරණයේ සමගි ජනබලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් ලැයිස්තුවෙන් මීළඟට වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයා වන්නේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියයි.

කෙසේවෙතත් කුමන අපේක්ෂකයා ජයගත්තද බොහෝදුරට දින කිහිපයක් ඇතුළතදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට වැඩි ඉඩකඩක් පවතිනවා.

RECENT ARTICLES - SINHALA

දුම්රියේ ගැටුණු දරුවෙක් සහ තවත් දෙදෙනෙක් ජීවිතක්ෂයට

මාතර සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියක ගැටී පුද්ගලයින් තිදෙනෙකු ජීවිත්කෂයට පත්වී තිබෙනවා. අද (12) සවස කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී මෙම අනතුර සිදුව තිබුණා. එහිදි  මෙම පුද්ගලයින්...

Breaking: CID ලොක්කෙක්ට හදිසියේ ස්ථාන මාරුවක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දුක සිල්වා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානයට ස්ථාන මාරු කර තිබෙනවා. මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ඇතුළු...

Breaking: අපරාධ සිදුවීම් රැසක් ගැන පොලිස් විමර්ශන කඩිනම් කිරීමට උපදෙස්

අපරාධ සිදුවීම් රැසක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන කඩිනම් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය විශේෂ නියෝගයක් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසනවා. මහ...

POPULAR ARTICLES

ජොන්ස්ටන්ගේ BMW සෙල්ලම ගැන තවත් තොරතුරු එළියට

ලියාපදිංචි නොකළ BMW කාර් රථයක් භාවිතා කළ බවට සිදු කරන විමර්ශනකට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්...

අනුර අතඇරලා ගිය කමල්

ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා මෙවර මහමැතිවරණයට දෙවන පරපුර පක්ෂය යටතේ තරග කිරීමට නියමිතයි. දෙවන පරපුර පක්ෂය අද (09) තලවතුගොඩ ප්‍රදේශයේ සංවිධානය කර තිබූ...

ගම්පහ ප්‍රදේශ කිහිපයක ගංවතුර අවදානමක්

අත්තනගලු ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය කිහිපය තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් යොමුකරමින් දන්වා සිටිනවා. එම නිවේදනය අනුව අත්තනගලු...