23 C
Colombo
Sunday, February 16, 2025

නව වාහනවල මිල ගණන් මෙන්න

- Advertisement -

වාහන ආනයන සඳහා යළි අවසර ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට ස්තූතිවන්ත වන බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ සඳහන් කරන්නේ, මෙලෙස වාහනය ආනයනයට අවසර ලබාදීමත් සමඟ වාහන වෙළඳපොලේ ඇතැම් වාහනවල මිල ගණන් ඉහළ යාමක් සහ ඇතැම් වාහනවල මිල ගණන් සුළු වශයෙන් පහළ යාමක් පෙන්නුම්කර හැකි බවයි.

ඒ අනුව, කැබ් රථවල මිල ගණන් පහළ යා හැකි බව සඳහන් කළ සභාපතිවරයා වෑන් රථවල මිල ගණන් ඉහළ යා හැකි බවයි අද (01) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළා.

මේ අතර, මෙරට බොහෝ පිරිසක් අතර ජනප්‍රිය මෝටර් රථයක් වන වැගන් ආර් වර්ගයේ නව රථයක් රුපියල් ලක්ෂ 60- 72ක පමණ මුදලකට මිල දී ගත හැකි බවයි සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

එමෙන්ම ඇල්ටෝ වර්ගයේ ජපන් මෝටර් රථයක මිල ලක්ෂ 40-50 අතර මිලක් ගනු ඇති බව සඳහන් කළ ඔහු, ආනයනය කරනු ලබන ටොයෝටා ඇක්වා වර්ගයේ රථයක් ලක්ෂ 100 ඉක්මවනු ඇති බව සඳහන් කළා.

මේ අතර රජය විසින් වාහනය ආනයන සීමා ඉවත් කිරීමත් සමඟ පෙබරවරි අවසන් සතිය හෝ මාර්තු මස පළමු සතිය වන විට මෙරටට වාහන ගෙන්විය හැකි බව ද ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES