24 C
Colombo
Sunday, October 1, 2023

‘පුවත්පත් මණ්ඩලය අහෝසි කළයුතු හේතු මෙන්න’ – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

- Advertisement -

පුවත්පත් මණ්ඩලය අහෝසි කළ යුතු යැයි රජයට බල කරන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය ව්‍යුහාත්මක ලෙස ප්‍රතිසංස්කරණය කර විනිශ්චයාතනයක් ලෙසින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන්නේ යැයි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා දැන්වීමක් පළකිරීම පදනම් කරගෙන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මෙම විරෝධය පළ කර ඇත.

සිය සංවිධානයේ එකඟතාව ඇත්තේ ජනමාධ්‍ය ප්‍රජාවේ මැදිහත්වීමෙන් සැකැසෙන මාධ්‍ය නියාමන ක්‍රමවේදයකට පමණක් යැයි කියමින් පුවත්පත් මණ්ඩලයේ අහිතකර නීතිමය ප්‍රතිපාදන පෙන්වා දෙමින් මෙම නිවේදනය පල කර තිබේ.

එසේ දක්වා ඇති කරුණු කීපයක් මෙසේය.

1.පුවත්පත් මණ්ඩලය ජනාධිපතිවරයාගේ පරම අභිමතය ක්‍රියාත්මක වන තැනක් වීම.

2.මණ්ඩලයේ සාමාජික වැටුප් ජනමාධ්‍ය ඇමැතිවරයා තීරණය කිරීමෙන් එහි ස්වාධීනත්වයට හානි පැමිණවීම.

3.හත් දෙනකුගෙන් යුත් මණ්ඩලයේ දෙදෙනකු පමණක් පුවත්පත් ක්‍ෂේත්‍රය නියෝජනය කිරීමත් අවශ්‍ය නම් එම දෙදෙනා නොමැතිව වුවත් තීන්දු ගත හැකි වීම.

4.අමාත්‍ය මණ්ඩලයේ රැස්වීම් පිළිබඳ තොරතුරු අමාත්‍ය මණ්ඩල ලේකම්ගේ අවසරයක් නොමැතිව පල කිරීම වරදක් ලෙස තීන්දු ගත හැකිවීමෙන් ජනතාවට තොරතුරු දැනගැනීමට ඇති අයිතිය උදුරාගැනීම.

5.පුවත්පත් මණ්ඩල නියෝග අවසානාත්මක ඒවා ලෙසින් සැලකීමෙන් එහි අනීතික පියවර කිසිදු අධිකරණයක අභියෝගයට ලක්කළ නොහැකිවීම.

6.මණ්ඩලයට අපහාස කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ විභාග වන නඩුවකදී මණ්ඩලයේ සභාපතිවරයා ඉදිරිපත් කරන සහතිකය කිසිදු වාද කිරීමකින් තොරව පිළිගැනීම හා එයට එරෙහිව සිවිල් හෝ අපරාධ නඩු පැවරීමේ හැකියාවක් නොවීම.

7.ආචාර ධර්ම සංග්‍රහ සැකැසීමේදී පුවත්පත් ක්‍ෂේත්‍රයේ අදහස් නොවිමසීම.

8.පනතේ 15 වැනි වගන්තියෙන් සාපරාධී පළකිරීම් ලෙස හඳුන්වාදීමක් කර ලඝු නඩු විභාගයකින් දඩ මුදලක් හා වසර දෙකක සිර දඬුවමක් නියම කිරීමේ පියවර හඳුන්වාදීම් මගින් මාධ්‍යවේදීන් ආණ්ඩුවේ මර්දනයට ලක්කිරීමට ඉඩකඩ නිර්මාණය කරගැනීම.

RECENT ARTICLES - SINHALA

දිස්ත්‍රික්ක 8කට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිවයිනේ දිස්ත්‍රික්ක 8ක ප්‍රදේශ කිහිපයකට මේ වන විට පනවා ඇති නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කර තිබෙනවා. මේ අනුව ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, කෑගල්ල, කළුතර, මාතලේ...

අලි සබ්රි නිසා ලාංකිකයින්ට කැනඩාවේ වීසා අහිමි වන ලකුණු ?

විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් කැනඩාවට එරෙහිව සිදු කරන ලද ප්‍රකාශය හේතුවෙන් මෙරට දරුවන්ට කැනඩාවේ අධ්‍යාපනය ලැබීමටය සහ රැකියා කිරිමට ඇති අවස්තාව අහිමි...

ගංගා ආශ්‍රිත පහළ ප්‍රදේශවල ජනතාවට දැනුම් දීමක්

දිවයිනට ඇදහැලෙන අධික වැසි තත්ත්වය හේතුවෙන් තවදුරටත් ගංගාවල පහළ ප්‍රදේශවලදී සුළු වශයෙන් ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ හැකියාවක් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා...

POPULAR ARTICLES

ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය...

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා ඒ අදාළ බඳවා ගැනිම්වලට...

චීනය නිසා එකතු වූ මහින්ද,මෛත්‍රී,ගෝඨා

මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු...