31 C
Colombo
Wednesday, May 21, 2025

ලබන 13 සිට වැසෙන පාසල් මෙන්න

- Advertisement -

බදුල්ලේ පාසල්වලට ලබන 13වන දින සිට නිවාඩු ලබා දෙන බව ඌව පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණි මහින්දපාල ජෝපියස් මහතා පවසනවා.

ඒ 2024 ජනාධිපතිවරණය නිමිත්තෙන්.

ඒ අනුව ජනාධිපතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සදහා තෝරා ගත් බදුල්ල මධ්‍ය මහ විදුහල, සහ බදුල්ල විශාඛා උසස් බාළිකා විදුහල මේ මස 13 සිට 24 දින දක්වා වසා දමන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම බදුල්ල විහාරමහාදේවී බාළිකා විදුහල සහ බදුල්ල ඌව මහ විදුහල සදහා 19,20 දෙදින නිවාඩු ලබා දෙන බවද සඳහන් වනවා.

ඔහු පැවසුවේ ජනාධිපතිවරණය සදහා ඡන්ද මධ්‍යස්ථාන ලෙස තෝරා ගත් දිස්ත්‍රික්කයේ සෙසු පාසල් සදහා 20 වනදින නිවාඩු ලබා දෙන බවයි.

බදුල්ල මධ්‍ය මහ විදුහල සහ බදුල්ල විශාඛා උසස් බාලිකා විදුහල හැර දිස්ත්‍රික්කයේ සෙසු පාසල් ලබන 23 වන දින යළි ආරම්භ කිරීමට නියමිත තිබෙනවා.

කෙසේ වෙතත් ඌව පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණි මහින්දපාල ජෝපියස් වැඩිදුරටත් පැවසුවේ බදුල්ල මධ්‍ය මහ විදුහල සහ විශාඛා උසස් බාළිකා විදුහල ලබන 24 වන දින ආරම්භ කිරීමට නියමිත බවයි.

RECENT ARTICLES - SINHALA

කොළඹ ඇල මාර්ග සහ කාණු පද්ධති පිරිසිදු කරන්න ජනපතිගෙන් උපදෙස්

කොළඹ දිස්ත්‍රික්කය තුළ ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගය වැළඳීමේ ප්‍රවණතාව වැඩිවීමක් දක්නට ලැබෙන බැවින්, ඇළ මාර්ග සහ කාණු පද්ධතිය කඩිනමින් පිළිසකර කිරීමට...

ගුවන්තොටුපළ ගොඩනැගිල්ලක් නිසා කෝටි ගාණක් වතුරේ

5.44%ක් පමණ වූ තත්‍ය ප්‍රගතියට මගී පර්යන්ත ගොඩනැගිල්ල හා ආශ්‍රිත ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව සඳහා ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගම විසින් තායිසේ සමාගම වෙත රුපියල් බිලියන...

ආණ්ඩුව විගණකාධිපති පිටින් ගේන්න හදනවා-හර්ෂ

මේ වන තෙක් විගණකාධිපති තනතුර සඳහා පත් කිරීමක් සිදුකර නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසා සිටියා....

POPULAR ARTICLES