26 C
Colombo
Friday, December 8, 2023

ලොව 08 වැනි මහාද්වීපය මෙන්න

- Advertisement -

භූ විද්‍යාඥයින් විසින් දකුණු පැසිෆික් සාගරයෙන් ලොව 08 වැනි මහාද්වීපය ලෙස මහාද්වීපයක් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වසර 375 කට පමණ පසුවයි විද්‍යාඥයින්ට මෙම මහාද්වීපය සොයා ගැනීමට හැකිවී තිබෙනවා.

භූ විද්‍යාඥයින් සහ භූ කම්පන විද්‍යාඥයින්ගේ කුඩා කණ්ඩායම සීලන්තයේ නොහොත් Zealandia හෝ Te Riu-a-Maui හි අලුතින් සිතියමක් නිර්මාණය කර ඇති බවයි Phys.org වාර්තා කරනවා.

පර්යේෂකයන් එය සොයාගෙන ඇත්තේ සාගර පත්ලෙන් ගොඩගත් පාෂාණ සාම්පලවලින් ලබාගත් දත්ත භාවිතා කරමින්.

නව මහාද්වීපය නවසීලන්තයට සමාන වන අතර දූපත් අතලොස්සක් සමගින් භූමියෙන් සියයට 94ක් දිය යට පවතිනවා.

එම පර්යේෂණයේ සම්පුර්ණ විස්තරයක් Tectonics සඟරාවෙහි පළ කර ඇති බවද සඳහන් වන අතර BBC වෙබ් අඩවියට අනුව , Zealandia මහාද්වීපය වර්ග සැතපුම් මිලියන 1.89 විශාල මහාද්වීපයක් වන අතර එය මැඩගස්කරය මෙන් හය ගුණයක් විශාල වනවා.

Zealandia මහාද්වීපය හමුවීමෙන් අනතුරුව නියත වශයෙන්ම ලෝකයේ මහාද්වීප 8 ක් ඇති බව විද්‍යාඥයින් කණ්ඩායම විසින් දන්වා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

වැටුප් වැඩි කරන්න ඔින වැඩ කරන ජනතාවගේ-මහින්ද රාජපක්ෂ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි කිරීමෙන් අනතුරුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා...

හැටන්-කොළඹ මාර්ගයට පස් කන්දක් කඩාවැටී ගමනා ගමනයට බාධා

දියගල ප්‍රදේශයෙන් පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය මේ වනවිට සම්පූර්ණයෙන් අවහිර වී තිබෙනවා. හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය ජනතාවගෙන්...

ජාතික රෝහලේ රුධිර පරික්ෂණ ඇන සිටීමෙන් රෝගින් දැඩි අපහසුතාවයට

කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ රුධිර පරීක්‍ෂ දින තුනක් තිස්සේ නතර වී තිබීමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසනවා. වෘත්තිය...

POPULAR ARTICLES

කටුනායක ගුවන් තොටුපොළට ජපාන රජයෙන් වාහන තොගයක්

ජපාන රජය විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 කට අධික වටිනාකමකින් යුතු වාහන තොගයක් අද (05) දින උදෑසන ජල හා මුදවා ගැනීම්...

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් 

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය...

දික්කසාදය ගැන විශේෂ අධිකරණ තීන්දුවක්

ශ්‍රී ලංකාවේ දී විවාහ වූ යුවළක් විදෙස් රටක අධිකරණයකින් දික්කසාද වූ විට මෙරටදී එම දික්කසාදය වලංගු බවට අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා. ඒ අනුව විදේශයක දී...