බදුල්ල , මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිද ප්‍රදේශයේදී අනතුරට ලක්වූ බස් රථය ධාවනය කර ඇත්තේ එම රථයේ රියැදුරු නොව වෙනත් අයෙකු බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
පොලිසිය පැවසුවේ, මුතියංගණ විහාරස්ථානය අසළ නවතා තිබූ බස් රථය එම ස්ථානයෙන් ඉවත් කිරීමට රියැදුරු නොමැති අවස්ථාවේ නඩයේ සිටි එම පුද්ගලයා ඉදිරිපත්වී ඇති බවයි.
ඔහුටම බස්රථය පදවාගෙන යන ලෙස ඉන් පසුව එම ස්ථානයට පැමිණි බස්රථයේ රියැදුරා පවසා තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය ධාවනය කළ පුද්ගලයා නිසි රියදුරු බලපත්‍රයක් සහිත අයෙකු බවට හඳුනාගෙන ඇතැයි, පොලිසිය පැවසුවා.
බදුල්ල දුන්හිද ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ සිදුවූ එම අනතුරින් පාසල් දැරියක් ඇතුළු තුන්දෙනෙකු මිය ගියා.
තුවාල ලැබූ සංඛ්‍යාව 31 ක්.
අනුරාධපුර , තඹුත්තේගම සිට කුඹල්වෙල වන්දනා ගමනකට පැමිණ සිටි පිරිසක් රැගත් බස් රථයක් එලෙස අනතුරට ලක්ව ඇතැයි පොලිසිය පැවසුවා.
පසුගිය වසරේ කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ සිසුන් පිරිසකට දිවි අහිමි කරමින් බස් රථයක් අනතුරට ලක්වූයේද මෙම ස්ථානයේදී.