31.7 C
Colombo
Friday, June 20, 2025

විදුලි බිල අඩු කරන හැටි කියන දවස මෙන්න

- Advertisement -

විදුලි බල ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය විසින් ලබා දී ඇති ගාස්තු සංශෝධන ඇතුළු විදුලි පාරිභෝගික යෝජනා එළඹෙන ජනවාරි මස 17 වැනි දින ප්‍රසිද්ධියට පත් කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා පවසනවා.

පළාත් මට්ටමෙන් ආරම්භ කළ මහජන මත විමසීම් සියල්ල සලකා බලා එවා සමාලෝචනය කිරීමෙන් අනතුරුව තම වාර්තාව නිකුත් කරන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පවසා තිබුණා.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවති මධ්‍යම පළාත් විදුලි පාරිභෝගිකයන් ඇතුළු පාර්ශවකරුවන්ගේ අදහස් විමසීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

පාර්ශව කරුවන් 60 දෙනෙක් විදුලි ගාස්තු සංශෝධනයේදී අවධානයට යොමු විය යුතු කරුණු සම්බන්ධයෙන්ද එහිදි විවිධ අදහස් ඉදිරිපත් කර සිටියා.

විදුලි බල මණ්ඩලය මගින් 2025 ජනවාරි මාසයේ සිට සංශෝධනය කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනයන් ගැන 2024 දෙසැම්බර් 06 වැනි දින ඔවුන්ගේ පාර්ශවකරුවන් මහජන උපයෝගිතා කොමිෂන් සභාවට කරුණු දැක්වූ අතර ඊට අදාළ යෝජනා සම්බන්ධයෙන් මහජනතාව ඇතුළු විදුලි පාරිභෝගිකයන් දක්වන අදහස් විමසා බැලීම මහජන උපයෝගීතා කොමිසම මඟින් ආරම්භ කළා.

ඒ සඳහා මහජන අදහස් ලබා ගැනීම දෙසැම්බර් මස 10 වැනි දින කොළඹින් ආරම්භ කෙරුණු අතර පළාත් මට්ටමෙන් මහජන අදහස් ලබා ගැනීමේ පළමු වැඩසටහන මහනුවරදී පැවැත්වුණා.

RECENT ARTICLES - SINHALA

පොහොට්ටුවත් එක්ක ගාල්ලේ බලය මාලිමාවට

ගාල්ල මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිව තිබෙනවා. ගාල්ල මහ නගර සභාවේ මංගල රැස්වීම පළාත් පාලන මහකොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් අද (20) පැවැත්වුණා. ගාල්ල මහ නගර...

සිරකරු සමාවට තුන්කට්ටුවක් මැති සබේ පැටලිලා

ජනාධිපති සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීමේදී ජනාධිපතිවරයාගේ ලේඛනයට අදාළ නොමැති සිරකරුවෙකු නිදහස් කිරීමේ පිළිබඳ නැවත පාර්ලිමේන්තුවේදී ඊයේ (19) උණුසුම් සංවාදයක් ඇති වුණා. ඒ අමාත්‍ය ආනන්ද...

 හල්ලොලුවට ඇප

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාට ඇප හිමිව තිබෙනවා. හල්ලොලුව මහතා අද (20) පෙරවරුවේ කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය...

POPULAR ARTICLES

ලුණු සහ විෂ බැක්ටීරියා පමණක් ඇතුළත් ද්‍රාවණයකට රජයෙන් ලක්ෂ 1444ක් වැය කරලා – නීතිපති

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධ ගනුදෙනුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඇතුළු සැකකරුවන් 11 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ අවසන් වාර්තාව...