වහාම ක්‍රියාතමක වන පරිදි සුරා බදු ඉහළ දමමින් මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කළ නිවේදනය පහතින්.
- ශ්‍රී ලංකාවේ ස්ථාපිත කර ඇති සහ බලපත්‍රලාභී නිෂ්පාදන කම්හලකින් නිෂ්පාදනය කර නිකුත් කරන ලද විශේෂ අරක්කු මත්පැන් ලීටරයකට රුපියල් හාරදහස් එකසිය අසූවක බද්දක් අයකරනු ලැබේ
- ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති බලපත්‍රලාභී නිෂ්පාදන කම්හලකින් නිෂ්පාදනය කර නිකුත් කරන මොලැසස්, තල්, පොල් අරක්කු සහ සැකසූ අරක්කු සඳහා මධ්‍යසාර ලීටරයකට රුපියල් හාරදහස් හාරසිය හැට බැගින් බද්දක් අය කෙරේ.
- ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත විදේශීය ස්ප්‍රීතු සඳහා මත්පැන් ලීටරයකට රුපියල් හාරදහස් පන්සිය හැත්තෑවක් බද්දක් අය කෙරේ.
- ශ්‍රී ලංකාවේ ස්ථාපිත ඕනෑම බලපත්‍රලාභී බීර කර්මාන්ත ශාලාවකින් නිකුත් කරන ලද ලේබලයේ දක්වා ඇති පරිදි ඇල්කොහොල් ප්‍රමාණය සියයට පහකට අඩු මෝල්ට් මත්පැන් ලීටරයකට රුපියල් තුන්දහස් තුන්සියයක බද්දක් අයකරනු ලැබේ.
- ශ්‍රී ලංකාවේ ස්ථාපිත බලපත්‍රලාභී බීර කර්මාන්ත ශාලාවකින් නිකුත් කරන ලද ලේබලයේ දක්වා ඇති පරිදි සියයට පහක් සහ ඊට වැඩි ඇල්කොහොල් ප්‍රභලත්වයකින් යුත් මෝල්ට් මත්පැන් ලීටරයකට රුපියල් තුන්දහස් හාරසිය පණහක බද්දක් අයකරනු ලැබේ.
- ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන, තල් හෝ වෙනත් ඕනෑම ශාකයක ස්වභාවික නිෂ්පාදන වලින් ආසවනය කිරීම හැර වෙනත් ක්‍රියාවලියක් මගින් නිෂ්පාදනය කරන ලද මත්පැන් (රා හෝ ඕනෑම ධාන්‍ය වර්ගයකින් සාදන ලද මත්පැන් හැර) මත්පැන් ලීටර් එකකට රුපියල් තුන්දහස් තුන්සියයක බද්දක් අය කෙරේ.
- අපනයනය කරනු ලබන ඉහත සඳහන් මත්පැන් මත ඉහත (1) සිට (6) දක්වා නියම කර ඇති තීරුබදු අයකර ගැනීම නොකළ යුතුය.
- ශ්‍රී ලංකාවේ ඕනෑම රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලයක භාවිතය සඳහා බීර කර්මාන්ත ශාලාවකින් නිකුත් කරනු ලබන මත්පැන් ප්‍රමාණයකට විදේශ ගිණුමෙන් මුදල් ගෙවන්නේ නම් (4) සහ (5) හි නියම කර ඇති තීරුබදු අය නොකෙරේ.
- 2019 දෙසැම්බර් 03 වැනි දින අංක 2152/11 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇති අංක 07/2019 දරන සුරාබදු නිවේදන මෙයින් අවලංගු කෙරේ.

