27 C
Colombo
Wednesday, April 23, 2025

ලංකාවට එන ඉන්දිය ක්‍රිකට් සංචිතය මෙන්න

- Advertisement -

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඉදිරියේදී ආරම්භවීමට නියමිතව තිබෙන තරග තුන බැගින් වූ එක්දින හා විස්සයි20 තරගාවලියට තෝරාගත් ඉන්දීය සංචිත අද (18) පස්වරුවේ ප්‍රකාශයට පත්කරනු ලැබුවා.

මින් එක්දින තරගාවලියෙන් විවේක ගනු ඇති බවට තොරතුරු වාර්තා වී තිබූ රෝහිත් ශර්මා, විරාට් කෝලි ඇතුළු ප්‍රබල ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම මෙම තරගාවලියට කැඳවා තිබීම විශේෂත්වයක් වනවා.

එමෙන්ම විස්සයි20 තරගාවලියට ශාරිරික යෝ‍ග්‍යතාව සම්බන්ධයෙන් ගැටළුවක සිටින හර්දික් පාණ්ඩ්‍යාද කැඳවා ඇති අතර, ඔහු ‌කණ්ඩායමේ හිටපු උපනායකයා වුවත් මෙම සංචිතයේ ක්‍රීඩකයෙකු ලෙස පමණක් නම්කර තිබීමත් විශේෂත්වයක්.

නිමා වූ 20යි 20යි ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව රෝහිත් සහ කෝලි පවුලේ අය සමඟ විදේශ ගත වූ අතර, ඒ හේතුවෙන් ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා සංචාරයෙන් ඉවත්වනු ඇති බවට තොරතුරු වාර්තා වී තිබුණා.

කෙසේ නමුත් ඉන්දීය නව ප්‍රධාන පුහුණුකරු ගෞතම් ගාම්භීර්, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ මෙම තීරණයට අප්‍රසාදය පළකර තිබූ බවටද තොරතුරු වාර්තා වනවා

ගාම්භීර්ගේ පළමු වගකීම වන්නේද මෙම ශ්‍රී ලංකා සංචාරයයි.

තරගාවලිය ආරම්භ කරමින් පළමුව 20යි 20යි තරග පැවැවෙන අතර, එම තරග මේ මස 27, 28 සහ 30 යන දිනවල පල්ලෙකැලේදී පැවැත් වෙනවා.

ඉන් අනතුරුව අගෝස්තු 02, 04 සහ 07 යන දිනවලදී තරග තුනකින් යුත් එක්දින තරගාවලිය කොළඹදී පැවැත් වෙන බව සඳහන්.

ඉන්දීය එක්දින සංචිතය

රෝහිත් ෂර්මා (නායක), ශබ්නම් ගිල් (උපනායක), විරාත් කෝලි, කේ.එල්. රාහුල් (කඩුලු රකින්නා), රිෂාබ් පාන්ට් (කඩුලු රකින්නා), ශ්‍රෙයාස් අයියර්, ශිවාම් ඩුබේ, කුල්දීප් යාදව්, මොහොමඩ් සිරාජ්, වොෂින්ටන් සුන්දර්, අර්ෂ්දීප් සිං, රියන් පරාග්, අක්සාර් පටෙල්, ඛලීල් අහ්මඩ්, හර්ෂිත් රානා

ඉන්දීය විස්සයි විස්ස සංචිතය

සූර්යකුමාර් යාදව් (නායක), ශුබ්නම් ගිල් (උපනායක), යෂස්වි ජයිස්වාල්, රින්කු සිං, රියන් පරාග්, රිෂාබ් පාන්ට් (කඩුලු රකින්නා), සංජු සැම්සන් (කඩුලු රකින්නා), හර්දික් පාණ්ඩ්‍යා, ශිවම් ඩුබේ, අක්සාර් පටෙල්, වොෂින්ටන් සුන්දර්, රවී බිෂ්නෝයි, අර්ෂ්දීප් සිං, ඛලීල් අහ්මඩ්, මොහොමඩ් සිරාජ්

RECENT ARTICLES - SINHALA

දළදා වදින්න එන අය අඳුරගන්න ස්ටිකරයක්

'සිරි දළදා වන්දනාව' සඳහා මහනුවරට පැමිණ පෝලිමේ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා. අද (23) රාත්‍රියේ සිටම මෙය ක්‍රියාත්මක කරනු...

තීරු බදු සාකච්ඡා සාර්ථකයි – අනුර

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට...

ටින් එක ගැන දැනුවත් කිරිමක්

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති...

POPULAR ARTICLES