26.1 C
Colombo
Monday, July 21, 2025

වත්කම් තහනම් කල සෙට් එක මෙන්න

- Advertisement -

සංවිධානාත්මක අපරාධකරුවන් සහ මූල්‍ය වංචාවලට සම්බන්ධ පුද්ගලයින් 88 දෙනෙකුගේ වත්කම් තහනම් කර තිබෙනවා.

පොලිසිය සඳහන් කලේ ඒ අතර සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා ලැබු 26 දෙනෙකුද සිටින බවයි

සෙසු පුද්ගලයින්ගේ වත්කම් තහනම් කර ඇත්තේ මුදල් විශුද්ධිකරණ පනත යටතේ ගැනෙන චෝදනා හේතුවෙන්.

ඉඩම් ,නිවාස,බැංකු ගිණුම්,වාහන,ස්වර්ණාභරන හා ව්‍යාපාරික ස්ථාන මෙන්ම කුඔුරු ඉඩම් ඒ තහනම් කල දේපල අතරට ඇතුලත් වනවා.

මේ අතර ජයසිංහ ආරච්චිගේ හේමන්ත නොහොත් බතල හීං මහත්තයා නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ බිරිඳට අයත් දේපල තහනම් කිරිමට අධිකරණ නියෝග ලබා ගෙන තිබෙනවා.

ඒ අනුව මිද්දෙනිය පොලිස් ස්ථානය අසල පිහිටි රුපියල් ලක්ෂ 150ක් වටිනා කාමර දෙකක් සහිත ගොඩනැගිල්ලක් ඇතුලු දේපල තහනම් කර තිබෙන්නේ මුදල් විශුද්ධිකරණ පනත යටතේ අධිකරණ නියෝග මතයි.

මේවන විට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින බතල හීං මහත්තයා නැමැති සැකකරු නිතිවිරෝධි ලෙස ඉපැයු ඔහුගේ බිරිඳගේ නමට ගෙන තිබු  ඇඹිලිපිටිය රෝහල ඉදිරිපිට පිහිටි රුපියල් කෝටි තුනක් වටිනා ඖෂධ අලවි සැලක් හා ඇඹිලිපිටිය චන්ද්‍රිකාවැව අසල පිහිටි හෝටලයක්ද මීට පෙර අධිකරණ නියෝගයක් මත තහනම් කෙරුණා.

RECENT ARTICLES - SINHALA

ලෝක ටෙස්ට් ශූරතාවේ අවසන් තරඟ තුනක සත්කාරක රට මෙන්න

ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන අදියර (2027) ඇතුළුව 2029 සහ 2031 වර්ෂන්හි පැවැත්වෙන අවසන් මහා තරග සඳහා ද සත්කාරක රට ලෙස එංගලන්තය නම්කර තිබෙනවා. 2027 අදියරේ...

කොල්ලුපිටියේ සමාජ ශාලාවක දී වෙඩිතැබීමට ගත් උත්සහයක් ව්‍යර්ථ වෙයි

කොල්ලු‍පිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක් තුළදී පාතාල කල්ලි සාමාජිකයෙකු ඉලක්ක කර වෙඩි තැබීම සඳහා පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකුට එම රාත්‍රී සමාජ ශාලාවේ ආරක්ෂකයින් පහර දී...

හොර පාස්පෝට් එකකින් රට පනින්න ගිය අයෙක් අත්අඩංගුවට

ව්‍යාජ ලෙස සකස් කළ බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ජපානය, තුර්කිය හරහා යුරෝපය වෙත යාමට උත්සහ කළ ඉරාන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී...

POPULAR ARTICLES