2022 පාපන්දු ලෝක කුසලානයේ නිල තේමා ගීතය මේ වන විට නිකුත්වී තිබෙනවා.
Tukoh Taka ලෙස නම් කර ඇති එම ගීතය සඳහා සුප්‍රසිද්ධ ඇමරිකානු ගායිකා නිකි මිනාජ්, ලෙබනන් ජාතික ගායිකාවක් වන මිරියම් ෆරෙස්, හා කොළොම්බියානු ගායක මලුමා දායකවී තිබෙනවා.
මෙවර ගීතය සඳහා ඉංග්‍රීසි භාෂාව, ස්පාඤ්ඤ භාෂාව හා අරාබි භාෂාව ඇතුළත්ව තිබීම හේතුවෙන් FIFA පාපන්දු ලෝක කුසලාන ගීතයකට එම භාෂා තුන ඇතුළු වූ පළමු ගීතය ලෙස ඉතිහාස ගත වනවා.
එම ගීතය පහතින්,
මෙම ගීතය Youtube සමාජ ජාලයේ පමණක් නැරඹීමට හැකි පරිදි FIFA බලධාරීන් කටයුතු කර තිබෙනවා.
එම නිසා එම ගීතය කිසිදු වෙබ් අඩවියක හෝ යෙදුමක භාවිතා කළ නොහැකි අයුරින් Youtube සමාජ ජාලය වෙත මුදා හැර ඇති බැවින් පහත ඇති Watch on Youtube සබැදියාම මත Click කරන්න.