29 C
Colombo
Thursday, July 17, 2025

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එන දිනය මෙන්න

- Advertisement -

2024 වර්ෂයට අදාළ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව අවසන් වූ බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.

අද (15) දහවල් විභාග දෙපාර්තමේන්තුවේ දී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 323,841ක් පෙනී සිටි අතර, දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,849 කදී විභාගය පැවැත් වුණා.

ඒ, අනුව අද අවසන් වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල දින 40ක් තුළ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව අමිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම ප්‍රශ්නපත්‍ර ගැන නැවත විමසමින් දරුවන්ව පීඩාවට පත් නොකරන ලෙසද විභාග කොමසාරිස් ජෙනරාල්වරයා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර අද පැවති විභාගයේ දී දරුවෙකුට යම් ආසාධාරණයක් හෝ ගැටළුවක් ඇති වී ඇත්නම් ඒ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දෙන ලෙස ද මේ වන තෙක් එවැනි අක්‍රමිකතාවයක් පිළිබඳව තොරතුරු වාර්තා වී නොමැති බවද ඔහු පවසනවා.

RECENT ARTICLES - SINHALA

කහවත්ත තරුණයා ඝාතනය : තවත් දෙදෙනෙක් රිමාන්ඩ්

කහවත්ත තරුණයන් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් එක් තරුණයකු වෙඩි තබා ඝාතනය කර අනෙක් තරුණයාට තුවාල සිදු කළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් තරුණයන් දෙදෙනකු...

ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් හැලිලද? හරිනිගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් ඇතුළත් නොවන බවට ඇතැම් පිරිස් දේශපාලන අරමුණින් යුතුව සාවද්‍ය ප්‍රකාශ සිදුකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

කුරුලු උයනේ හිමිකරු රිමාන්ඩ්

නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද යතුරුපැදි සඟවා තිබූ හම්බන්තොට, නාගරවැව කුරුලු උයනේ හිමිකරුව එළඹෙන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. සැකකරුව අද (17)...

POPULAR ARTICLES