28.9 C
Colombo
Thursday, March 27, 2025

හෙට පාසල් යන එක ගැන ගුරුවරුන්ගේ තීරණය මෙන්න

- Advertisement -

හෙට (27) දිනයේ පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවත් වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වූ ගුරුවරුන් සියලු දෙනාම ඉගැන්වීමේ කටයුතු සඳහා සහභාගි වන බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පවසනවා.

News19 කළ විමසීමකදී ඔහු සඳහන් කළේ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය පෙරේදා දිනයේ පැවති බවත් ඊයේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹියේ විරෝධතාවයේ නිරත ගුරුවරුන්ට ආණ්ඩුව විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට විරෝධය පලකිරීමටත් බවයි.

ඒ අනුව හෙට දිනයේ සාමාන්‍ය පරිදි ඉගැන්වීමේ කටයුතු සිදුවන බවත් එය වෘත්තීය සමිති සාකච්ඡා කර පෙර එළැඹි එකඟතාවක් අනුව සිදුවනවා මිස ජනාධිපතිවරයාගේ තර්ජන නිසාවෙන් සිදුකරන්නක් නොවන බවත් ජෝසප් ස්ටාර්ලින් මහතා පවසා සිටියා.

ගුරු – විදුහල්පති ගැටලු සඳහා විසඳුම් ලබාගැනීමේ වෘත්තීය ක්‍රියාමාර්ග හෙට විනයේ පාසැල් යාමෙන් අවසන් නොවන බවත් ආණ්ඩුව සිය ඉල්ලීම්වලට කණ් නොදෙන්නේ නම් ඉදිරියේදී සිය ක්‍රියාමාර්ගය දැඩි කරන බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළා.

RECENT ARTICLES - SINHALA

චාමර සම්පත් අල්ලස් කොමිසමට

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගෙන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම විසින්මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බවට වාර්තා වනවා. ඌව පළාත්...

වරකාපොළ මහෙස්ත්‍රාත් අධිකරණයට හොරු පැනලා

වරකාපොළ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයට අද (27) අලුයම සොරෙක් පැන තිබෙනවා. එම නඩු භාණ්ඩ කාමරයේ ජනේලය විවෘත කිරීම සඳහා ඔහු උත්සාහ කර ඇති...

ඩෙංගු අවදානම යළි ඉහළට

දිස්ත්‍රික්ක 8ක අද (27) සිට දින 3ක්, විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. මදුරු ඝනත්වය ඉහළ අගයක පවතින කොළඹ,...

POPULAR ARTICLES