27.2 C
Colombo
Saturday, June 21, 2025

ඔන්ලයින් ක්‍රමයට මත්පැන් ලබාගත හැකි ආකාරය මෙන්න

- Advertisement -

සංචරණ සීමා බලපැවැත්වෙන කාලසීමාව තුලදී ඔන්ලයින් (online) ක්‍රමයට මත්පැන් අලෙවි කිරීමේ අවසරය හිමිවන්නේ ජාලගත සුපිරි වෙලඳසැල්, (chain super markets) සහ සුරාබදු ර.බී. 4 බලපත්‍ර ලත් ස්ථාන සඳහා පමණක් බව සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පවසනවා.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අනුමැතිය ද හිමිවූ පසු ඔන්ලයින් මත්පැන් අලෙවිය සඳහා තාක්ෂණ හැකියාව ඇති ආයතන වෙත ඒ සඳහා අදාළ වන අවසර ලබාදීමටත් අදාළ කොන්දේසි ප්‍රසිද්ධ කිරීමටත් සුරාබදු දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන බව එහි කොමසාරිස් කපිල කුමාරසිංහ සඳහන් කළා.

මෙම වැඩපිළිවෙල සඳහා මේවන විටත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අනුමැතිය අපේක්ෂා කරමින් අදාළ ලිපි යොමුකර ඇති බවත් එම අනුමැතිය අද දින ලැබුණහොත් හෙට සිට මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් කියාසිටියා.

කෙසේවෙතත් මෙම වැඩපිළිවෙල අනුව පරණ කරන ලද මත්පැන් කාණ්ඩයට අයත් දේශීය සහ විදේශීය මත්පැන් ලීටර් 5ක් මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට හිමිවන අතර පැසවන ලද මත්පැන් කාණ්ඩයට ගැනෙනා බීර, රා, වයින්, සකේ ආදිය ලීටර් 12කුත් වරකට මිලදී ගැනීමේ අවස්ථාව හිමිවනවා.

අදාළ ජාලගත ක්‍රමවේදයට අනුව අවසර හිමිවන ආයතනවලට අදාළ කටයුතු සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන් අලෙවිහලක් පවත්වාගෙන යාම සඳහා නිකුත් කර ඇති බලපත්‍රයේ කොන්දේසි අනුව සිදුකළ හැකියි.

ඒ අනුව මත්පැන්හල විවෘත කර තැබෙන කාලසීමාව වන උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා කාලය තුල පමණක් අදාළ ජාලගත වෙළඳාම් කටයුතු සිදුකළ යුතු වනවා.

මේ අතර ඔන්ලයින් ක්‍රමවේදයට මත්පැන් අලෙවි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුවට මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය හිමිවූ බවයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි ප්‍රකාශ කළේ.

ඒ අනුව සුපිරි වෙළඳසැල්වලින් ජනතාව භාණ්ඩ මිලදී ගන්නා ආකාරයට මත්පැන්ද මිලදී ගැනීමට අවස්ථාව සැළසෙන බවයි ඔහු කියා සිටියේ.

සංචරණ සීමා හේතුවෙන් මත්පැන් අලෙවිසැල් විවෘත කිරීම මේ වනවිට තහනම් වනවා.

මේ හේතුවෙන් ඔන්ලයින් ක්‍රමයට මත්පැන් මිලදී ගැනීමට අවස්ථාව සළසා දෙන ලෙස පාරිභෝගිකයන් ද ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණා.

එමෙන්ම මත්පැන් අලෙවිසැල් වසා දමා ඇති බැවින් නීති විරෝධී මත්පැන් අලෙවිය ද ඉහල ගොස් තිබෙනවා.

මෙම තත්වයන් සැළකිල්ලට ගනිමින් සුරාබදු දෙපාර්තමේන්තුව ඔන්ලයින් හරහා මත්පැන් අලෙවි කිරීමට අදාළ යෝජනාව මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කර තිබුණා.

මේ අතර පවතින සංචරණ සීමා නීති රීති හේතුවෙන් මත්පැන් අලෙවිසැල් වසා තැබීම නිසා සුරාබදු දෙපාර්තමේන්තුවට දිනකට රුපියල් මිලියන 600කට අධික අලාභයක් විඳීමට සිදුව ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි පවසනවා.

ඔහු කියාසිටින්නේ මේවන විට අදාළ කාලසීමාව තුල සුරාබදු දෙපාර්තමේන්තුවට බදු වශයෙන් ලැබිය යුතු ආදායම් අහිමිවීම නිසා විඳින්නට සිදුව ඇති මූල්‍යමය අලාභය රුපියල් බිලියන 10 ඉක්මවා ඇති බවයි.

සබැඳි ලිපි..

RECENT ARTICLES - SINHALA

මලයහ දෙමළ ප්‍රජාව ගැන ඡායාරූප ප්‍රදර්ශනයක්

මලයහ තමිල් ජන ජීවිතය පිළිබඳ, මලයහ තමිල් තරුණ තරුණියන්ගේ ඡායාරූප කතාන්දර ඇතුළත් ‘200+; Beyond the Struggle’ ඡායාරූප ප්‍රදර්ශනය ජුනි 23 සහ 24 දෙදින පුරා...

උතුරු මැද පළාතේ පාරවල්වලින් කෝටි ගාණක් ගරලා

උතුරු මැද පළාතේ රුපියල් කෝටි 293කට වැඩි වටිනාකමකින් යුත් මාර්ග ව්‍යාපෘති 629ක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව නීති විරෝධී ලෙස එක් කොන්ත්‍රාත්කරුවෙකුට ලබාදී ඇතැයි රජයේ ගිණුම්...

වසර 40ක් පැරණි වාර්තාවක් අලුත් කරපු කමිඳු

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනට අද (20) තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි බංග්ලාදේශය...

POPULAR ARTICLES