28.2 C
Colombo
Saturday, April 20, 2024

මහින්දගේ නැතිවූ බලු පැටවෙකු වීරෝධාර පොලීසිය සොයාගනියි

- Advertisement -

වීරකැටිය කාල්ටන් නිවසට පිරිසක් පහරදුන් අවස්ථාවේදී එම නිවසේ සිටි බලු පැටවුන් තිදෙනාගෙන් එක් බලු පැටවෙකු සොයාගැනීමට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට හැකිවී තිබෙනවා.

ඒ අනුව නැතිවූ බලු පැටවා හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකුගේ නිවසේ සිටියදී වීරකැටිය පොලීසිය සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

වීරකැටිය – තංගල්ල මාර්ගයේ පිහිටි මහින්ද රාජපක්ෂට අයත් කාල්ටන් වත්තෙහි සිටි මෙම බලු පැටවුන් තිදෙනා පසුගිය 09 වනදා සිට අතුරුදහන්ව තිබෙනවා.

ඒ කිසියම් පිරිසක් රාජපක්ෂවරුන්ගේ මෙම ඉඩමට ඇතුළුවී එහි දේපලවලට අලාභහානි කර ගිනි තැබීමෙන් අනතුරුවයි.

පොලීසිය පවසන්නේ මෙම බලු පැටවුන් ලැබ්‍රඩෝර් වර්ගයට අයත් සුරතල් බලු පැටවුන් බවයි.

බලු සොරකම සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රීවරයාගේ 21 හැවිරිදි දියණියක් සැකපිට අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්වුණා.

වීරකැටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කැළුම් සංගීත් මහතා ඇතුළු අනෙකුත් වීරෝධාර නිලධාරීන් මේ වන විට නැතිවී සිටින අනෙකුත් බලු පැටවුන් දෙදෙනා සොයා පුළුල් මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

අපේක්ෂකයා නැතත් පොහොට්ටුව තියනවා-නාමල් (වීඩියෝ)

ඉදිරි ජනාධිපතවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ අපේක්ෂකයා...

අයිස් සමග නාවික හමුදා ලොක්කෝ දෙදෙනෙකුත් මාට්ටු

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සන්තකයේ...

ඉස්සන් කර්මාන්තය දැඩි අර්බුදයක

ඉස්සන් කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ගැටලු රැසක් පැනනැගී ඇති බව ඉස්සෝ වගාකරුවන් පවසනවා. ඔවුන් සඳහන් කරන්නේ මෙම අසීරු තත්ත්වය මත තම කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...