24 C
Colombo
Monday, December 11, 2023

චීනයේ අලුත් කොරෝනා පොකුරක්

- Advertisement -

දකුණුදිග චීනයේ යුනාන් ප්‍රාන්තය ආශ්‍රිතව කොවිඩ් රෝගීන් සමූහයක් වාර්තා වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

යුනාන් ප්‍රාන්තයේ මියන්මාර දේශසීමාවට නුදුරු රැයිලි සහ ලෝන්චුවාන් ප්‍රදේශ ආශ්‍රිතව මෙසේ ආසාදිතයන්ගේ වර්ධනයක් සිදුව ඇතැයි සදහන් වේ.

ආසාදිතයන්ගෙන් බහුතරය මියන්මාරයේ සිට ආපසු චීනයට පැමිණි චීන ජාතිකයන් බවද එම වාර්තාවල දැක්වේ.

ඔවුන්ගෙන් වෛරසය ප්‍රදේශයේ ජනතාව⁣ අතරටද ව්‍යාප්ත වී ඇති බවත් මේ හේතුවෙන් දෛනික ආසාදිතයන් සංඛ්‍යාවේ වැඩිවීමක් සිදුව ඇති බවත් සදහන් වේ.

මෙය ඩෙල්ටා ප්‍රභේදය මුල් කරගෙන චීනයේ වාර්තා වූ දෙවන කොවිඩ් පොකුරයි.

මීට පෙර මැයි සහ ජූනි මාසවල චීනයේ දකුණු ගුවන්ඩොන්ග් ප්‍රාන්තය ආශ්‍රිතව ද ඩෙල්⁣ටා ප්‍ර⁣භේදය මුල් කරගත් කොවිඩ් පොකුරක් වාර්තා විය.

RECENT ARTICLES - SINHALA

වැට් බදු පනත් කෙටුම්පත අද යළිත් පාර්ලිමේන්තුවට

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද (11) දිනයේ සම්මත කර ගැනීමට නොහැකි වුවහොත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය සහ ලෝක බැංකුව මඟින් ලබාදෙන...

AI තාක්ෂණයට ඉතිහාසයේ වැඩිම මුදල අයවැයෙන් වෙන් කළා- ජනාධිපති රනිල්

කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය මෙරටට ගෙන ඒමට සහ විද්‍යාත්මක හා තාක්ෂණ පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මෙරට ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල...

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත යළි හෙට පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තුවට අද (10) දින ඉදිරිපත් කර සම්මත කිරීමට නියමිතව තිබූ වැට් බදු පනත් සංශෝධන පනත් කෙටුම්පත යලි හෙට (11) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

අර්ජුනගෙන් අලුත් සන්ධානයක්

දූෂිතයින්ගෙන් සහ වංචාකාරීන්ගෙන් තොර නව සන්ධානයක් බිහි කරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන අර්ජුන රණතුංග පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, අස්ගිරි...

රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්

ලබන වසර සඳහා රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ඒ අනුව රුපියල් 4,000ක...