32 C
Colombo
Friday, January 17, 2025

ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය, අම්පාරට

- Advertisement -

අධික වර්ෂාවත් සමග මහා පරිමාණ ජලාශ 11 මේ වනවිට වාන් දමමින් පවතින බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

කලාවැව, රාජාංගනය නාච්චාදූව අංගමුව ඇතුළු ජලාශ රැසක් ඒ අතරට ඇතුළත්.

මීට අමතරව සුළු පරිමාණ ජලාශ 8 ක් ද වාර්ෂවත් සමග වාන් දමමින් පවතිනවා.

අද (01) පෙරවරු 8.30 න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය වාර්තා වූයේ අම්පාර මහඔය ප්‍රදේශයෙන්.

එය මිලිමීටර් 109.5 ක්.

මේ අතර නැගෙනහිර සහ ඌව පළාත්වලටත් මාතලේ ,නුවර එළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් අද දිනයේ මිලි මීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි.

උතුරු ,නැගෙනහිර උතුරු මැද වයඹ සහ දකුණු පළාත්වල විටින් විට පැයට කිලෝ මීටර් 30 ත් 40 ත් දක්වා තරමක තද සුළං ද ඇතිවිය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන්.

බස්නාහිර සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ මීදුම් තත්ත්වයක්ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

RECENT ARTICLES - SINHALA

මාධ්‍යවේදී එක්නැලිගොඩගේ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය කල්තැබේ

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් පිරිසකට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි...

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

සක්‍රීය ඊසාන දිග මෝසම් තත්ත්වය හේතුවෙන් හෙට (18) සිට උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අපේකෂා කරන බව කාලගුණවිද්‍යා...

රත්මලානෙන් නාඳුනන කාන්තා මළ සිරුරුක් හමුවෙයි

රත්මලාන, ලුනාව ඇල ව්‍යාපෘතියට අයත් බෝධිරුක්කාරාම විහාරස්ථානය අසල කලස ඇල මාර්ගයේ තිබී නාදුනන කාන්තා මළසිරුරක් අද (17) වන දින උදෑසන හමුවී ඇතැයි ගල්කිස්ස පොලිසිය...

POPULAR ARTICLES