මිල්කෝ ආයතනය නිෂ්පාදනය කරන දේශීය කිරිපිටි වර්ගයක් වන හයිලන්ඩ් කිරිපිටි ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිලත් ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 90කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 470 ක් වනවා.
කිලෝ ග්‍රෑම් 1 කිරිපිටි පැකට්ටුවක් රු 225කින් මිල ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,170 ක් ලෙස සටහන්වනවා.
මීට පෙර ආනයනික කිරිපිටි සදහා වූ පාලන මිල ඉවත්කිරීමත් සමඟ ආනයනික කිරිපිට මිලද ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය තීරණය කළා.
ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 140 කින් ඉහළ දැමීමට ඔවුන් තීරණය කර තිබුණා.