මිහිමත වේගවත්ම මිනිසාගේ අභිෂේකය
නවවන දිනයේ ලොව පුරා දස ලක්ෂ ගණනක් ක්‍රීඩාලෝලීන්ගේ අවධානයට පාත්‍ර වූයේ මීටර් 100 පිරිමි ඉසව්වේ ජයග්‍රාහකයා කවුරුන්ද යන්නයි. ඒ අනුව ටෝකියෝ ජාතික ක්‍රීඩාංගනයේදී යුගයේ විශිෂ්ටතම දක්ෂතාව ලෙස විචාරකයන්ගේ සම්භාවනාවට පාත්‍ර වූ ක්‍රීඩා විලාශයක් ප්‍රකට කරමින් බෝල්ට් ගෙන් පසු යුගයේ ලොව වේගවත්ම මිනිසා ලෙස කිරුළු පැළඳීමට ඉතාලියේ Marcell Jacobs සමත් වුණා. ඒ යුග ගණනාවක් කෙටි දුර ධාවන පථයේ පැවති ජැමෙයිකානු සහ ඇමෙරිකානු අධිපත්‍යය බිඳ දමමින්. Jacobs ඉසව්ව නිම කළේ තත්ත්පර 9.89කින්. පිරිමි මීටර් 100 ඉසව්වේ රිදී පදක්කම ඇමෙරිකාවේ Fred Kerley දිනාගත් අතර ලෝකඩ පදක්කම කැනඩාවේ Andre De Grasse දිනා ගත්තා.
වැරදි ආරම්භයක් ලබා ගැනීම හේතුවෙන් මහා බ්‍රිතාන්‍යයේ Zharnel Hughesට මීටර් 100 අවසන් තරගය අහිමි වීමත් විශේෂත්වයක්.

ලෝක වාර්තා අලුත් කළ තුන් පිම්ම
මීටර් 15.67 ක දුරක් වාර්තා කරමින් නව ලෝක වාර්තාවක්ද සමග ටෝකියෝ ඔලිම්පික් උළෙලේ තුන් පිම්ම කාන්තා ඉසව්වේ රන් පදක්කම හිමි කරගැනීමට වෙනිසියුලාවේ Yulimar Rojas සමත් වුණා. මීට පෙර එම වාර්තාව වූයේ මීටර් 15.50ක්.
සිය පළමු පිම්මෙන්ම මෙම ඉසව්වේ රන් පදක්කම තහවුරු කරගන්න Rojas සමත් වුණේ නව ඔලිම්පික් වාර්තාවක් පිහිටුවමින් මීටර් 15.41ක දක්ෂතාවක් පෙන්නමු කරමින්. ඇය සිය තුන්වන උත්සාහයේදී ලෝක වාර්තාවක් දක්වා සිය දක්ෂතාව ඉහළ නංවා ගනු ලැබුවා. Rojas දිනා ගත්තේ වෙනිසියුලාවේ පළමු ඔලිම්පික් රන් පදක්කම වීමත් විශේෂත්වයක්.
තුන් පිම්ම ඉසව්වේ රිදී පදක්කම පෘතුගාලයේ Patricia Mamona දිනා ගත්තේ මීටර් 15.01ක දක්ෂතාවක් දක්වමින්. මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම මීටර් 14.87ක දක්ෂතාවක් දැක්වූ Ana Peleteiro දිනා ගත්තා.

ජයග්‍රහණය බෙදී ගිය උස පැනීම
කටාර්හි Mutaz Barshim සහ ඉතාලියේ Gianmarco Tamberi උස පැනීමේ පිරිමි ඉසව්වේ ඔලිම්පික් රන් පදක්කම සමසේ බෙදා ගැනීමට ටෝකියෝවේදී තීරණය කළා.
තරගය අවසන් වන විට මීටර් 2.37ක උස සාර්ථකව තරණය කිරීමට Barshim, Tamberi මෙන්ම බෙලරුසියාවේ Maksim Nedasekau සමත්ව සිටියා.
ඒ අනුව පැහැදිලි ජයග්‍රාහකයෙක් තෝරා ගැනීම සඳහා ස්ථාපිත කෙරුණු මීටර් 2.39 තරණය කිරීමට Barshim හෝ Tamberi හෝ Nedasekau අසමත් වුණා.
ඉන් පසු ඔවුන් තරගයේ පෙර පිමි වල වාර්තා සැලකිල්ලට ගෙන ජයග්‍රහණය තීරණය කිරීමට විනිසුරුවරුන් තීරණය කළා. එහිදී Nedasekau පෙර උත්සාහයන් දෙකකදී අසාර්ථක වී තිබීම හේතුවෙන් රන් පදක්කම වෙනුවෙන් වූ සටනින් ඔහු ඉවත් කෙරුණා. නමුත් Barshim හා Tamberi සියලු උත්සාහයන් සාර්ථක කරගෙන සිටීම විනිසුරුවරුන් යළි අර්බුදයකට ඇද දැමුවා.
රන් පදක්කම වෙනුවෙන් යළි තරග කිරීමට ඔවුන්ට අවස්ථාව දීමට විනිසුරුවරුන් තීරණය කලද Barshim හා Tamberi තීරණය කළේ ඔලිම්පික් රන් පදක්කම සමසේ බෙදා ගැනීමටයි.
ඒ අනුව Maksim Nedasekauට පිරිමි උස පැනීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම හිමි වුණා.

පදක්කම් සටහනේ චීනය පෙරමුණේ
රන් පදක්කම් 21 රිදි පදක්කම් 13ක් සහ ලෝකඩ පදක්කම් 12ක් දිනා ගනිමින් ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පදක්කම් සටහනේ තවදුරටත් පෙරමුණේ පසුවන්නේ චීනයයි.
රන් පදක්කම් 17ක් දිනාගත් සත්කාරක ජපානය දෙවැනි ස්ථානයේත් ඇමෙරිකාව රන් පදක්කම් 16ක් දිනාගෙන තුන්වන ස්ථානයේත් පසුවනවා.