අසාර්ථක වූ ලිංගික සංක්‍රාන්තිකයා
ඔලිම්පික් උළෙලක් නියෝජනය කළ පළමු ලිංගික සංක්‍රාන්තිකයා ලෙස ඉතිහාසයට එක් වූ නවසීලන්තයේ Laurel Hubbard කිලෝ ග්‍රෑම් 87 බරඉසිලීමේ ඉසව්වට සහභාගී වුණා.
කෙසේවෙතත් ස්නැච් ක්‍රමය අසාර්ථක වීම හේතුවෙන් පදක්කමක් පිළිබඳ ඇගේ බලාපොරොත්තුව බිඳ වැටුණා.
43 හැවිරිදි Laurel Hubbard නවසීලන්තයේ ඕක්ලන්ඩ් හිදි උපත ලබනවා.
Laurel බර එසවීමේ පිරිමි ඉසව්වේ නවසීලන්ත ජාතික වාර්තාව ද කලක් අත්පත් කරගෙන සිටියා.
2001දී බර එසවීමේ ඉසව්වට මුලුමනින්ම සමුදෙන Laurel Hubbard යළි 2017 දී යළි ක්‍රීඩාවට අවතීර්ණ වන්නේ ලිංගික සංක්‍රාන්තික කාන්තාවක් ලෙසයි.
එම වසරේදී North Islands ක්‍රීඩා උළෙලේදී කලාපීය වාර්තාවක් පිහිටුවීමට සමත් වන ඇය ඕස්ට්‍රේලියානු ශුරතා තරඟාවලියේදී රන් පදක්කමක් දිනා ගන්නවා.
2018 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී ආබාධයකට ලක්වන ඇයට ක්‍රීඩාවට මුලුමනින්ම සමු දීමට සිදුවනු ඇති බව විශ්වාස කෙරුණා.
කෙසේ වෙතත් සාර්ථක ප්‍රතිකාර මාලාවකින් අනතුරුව යළි පිටියට පිවිසෙන ඇය 2019 පැසිෆික් තරඟාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වුණා.

ද්වි දශකයකට පසු අප්‍රිකාවට අහිමි වූ රන් පදක්කම
මීටර් 5000 කාන්තා ඉසව්ව විනාඩි 14යි තත්ත්පර 36.79කින් නිමා කරමින් රන් පදක්කම දිනා ගැනීමට නෙදර්ලන්තයේ Sifan Hassan සමත් වුණා. ඒ එවැනි දස්කමක් කළ පළමු ලන්දේසි ජාතික කාන්තාව ලෙස ඉතිහාසයට එක්වෙමින්.
එමෙන්ම 2000 ඔලිම්පික් උළෙලේදී රුමේනියානු ජාතික Gabriela Szabo ගෙන් අනතුරුව මෙම ඉසව්ව ජයගත් කෙන්යානු හෝ ඉතියෝපියානු නොවන එකම කාන්තාව ලෙසද Sifan සැලකෙනවා.
කෙන්යාවේ Hellen Obiri රිදී පදක්කම දිනා ගත් අතර ඉතියෝපියාවේ Gudaf Tsegay ලෝකඩ පදක්කම දිනා ගත්තා.

පුවටි රිකෝ පළමු ජවන හා පිටිය ඔලිම්පික් රන් පදක්කම
ජවන හා පිටිය ඉසව්වකින් තම රටට පළමු ඔලිම්පික් රන් පදක්කම දිනා දීමට මීටර් 100 කඩුලු පැනීමේ කාන්තා ඉසව්වට එක්වූ Camacho-Quinn සමත් වුණා.
24 හැවිරිදි Camacho-Quinn ඔලිම්පික් පදක්කමක් දිනූ එරට දෙවැනි ක්‍රීඩිකාවයි.
Monica Puig ටෙනිස් කාන්තා කේවල.ඉසව්ව ජයගනිමින් 2016 ඔලිම්පික් උළෙලේදී පුවටි රිකෝ රාජ්‍යයට පළමු රන් පදක්කම දිනා දුන්නා.

පදක්කම් සටහන – චීනයට පළමු තැන
රන් පදක්කම් 29ක් සමග පදක්කම් සටහනේ පළමු ස්ථානයේ තවදුරටත් රැඳී සිටින්නේ චීනයයයි.
රිදී පදක්කම් 18ක් සහ ලෝකඩ පදක්කම් 16ක් සමග චීනය දිනාගෙන ඇති සමස්ත පදක්කම් ගණන 63ක්.
රන් පදක්කම් 22ක් සමග ඇමෙරිකාව දෙවන ස්ථානයේත් ජපානය රන් පදක්කම් 17ක් සමග තුන්වන ස්ථානයේත් රැඳී සිටිනවා.
රන් පදක්කම් 14ක් දිනූ ඕස්ට්‍රේලියාව සිව්වන ස්ථානයට පත් වෙද්දී පස්වන ස්ථානය රැකගත් රුසියානු ඔලිම්පික් කමිටුව දිනාගෙන ඇති රන් පදක්කම් ගණන 12ක්